×

ලෝකයේ දිගම නියපොතු ඇති මිනිසා 66 වසරකට පසු නියපොතු කපයි!

ඉන්දියාවේ පූනේ හි ජීවත් වන ශ්‍රීධර් චිලාල් අවුරුදු 66කට පසුව සිය නියපොතු කැපුවේය!


ලෝකයේ දිගම නිය සහිත මිනිසා වශයෙන් ගිනස් ඇතුළු වාර්තා පොත්වලට එක්ව සිටියේ ඉන්දියාවේ පූනේ හි ජීවත් වන ශ්‍රීධර් චිලාල් ය. (Shridhar Chillal)ය. ඔහු අවුරුදු 66 කින් නියපොතු කපා තිබුණේ නැත. නමුත් ඊයේ දිනයේ පෙර තත්වය වෙනස් විය.

මේ වන විට 82 හැවිරිදි ශ්‍රීධර්, මීටර 9 කට වඩා දිගට වැවුණු නිය සහිතව සිටියේය. හරියටම කියනවා නම් ඒ නියපොතුවල දිග සෙන්ටිමීටර 909.6 කි. ඔහු නියපොතු වවා තිබුණේ වම් අතේ ය. වම් අතේ නියපොතු අතරින් දිගම නිය වූ, වම් මහපටැඟිල්ලේ නිය පමණක්, සෙන්ටිමීටර 197.8 ක් දිගට වැවී තිබිණි. ඊයේ ඔහු නියපොතු කැපීම සඳහා ම විශේෂ උත්සවයක් ද ගත්තේය. ඒ සඳහා පූනේ නගරයේ සිට නිව්යෝක් බලා ඔහු පියාසර කළේ රිප්ලීස් බිලීව් ඉට් ඕ නොට් (Ripley’s Believe It or Not museum) කෞතුකාගාරයට ඇරයුම් පිට ය.

එහිදී කපන ලද නියපොතු එම කෞතුකාගාරය විසින් සංරක්ෂණය කර තැන්පත් කර තබනු ඇත.

Sridhar @Ripley’s Believe It or Not

දකින අයට අපුලක් ඇති වුවද, ශ්‍රීධර් නම් ඔහුගේ වකගැසුණු, රවුම් වුණු, රෝල් වුණු ‘නිය දඟර‘ නඩත්තු කළේ පුදුමාකාර කැපවීමකිනි. එහි පුදුමයක් ද නැත්තේ, නියපොතු සාමාන්‍ය අන්දමින් කපමින් ජීවත් වුණා නම් කිසිදා නොලැබෙන ආකාරයේ ප්‍රසිද්ධියක් ඔහුට මේ නියපොතු ජාලය නිසා ලැබුණු හෙයිනි. 2016 වසරේ ඔහු ගිනස් වාර්තා පොතට ඇතුළත් වූයේ ‘Longest Fingernails on a Single Hand Ever’ හෙවත්, අතක දිගම නියපොතු ඇති මිනිසා ලෙස ය.

Main Photo: මහා නිදහසක් ලැබුවා සේ කපා හෙළූ නියපොතු ජාලය දෙස බලා සිටින ශ්‍රීධර් Photo Credit: Ripley’s Believe It or Not

ලෝකයේ දිගම නිය ඇති මිනිසා වශයෙන් ඔහුට ගිනස් වාර්තා පොතේ ඉඩ වෙන් කළ ගිනස් ආයතනය, ඔහු අවුරුදු 66කට පසුව රිප්ලීස් කෞතුකාගාරයේ සිට නියපොතු කපන අවස්ථාව ද සිය යූ ටියුබ් චැනලයට එක් කිරීමට අමතක කර තිබුණේ නැත. ඒ සඳහා යොදාගෙන තිබුණේ විදුලි බලයෙන් ක්‍රියා කරන කැපුම් යන්ත්‍රයකි.

එම වීඩියෝව පහතින් නරඹන්න…

[embedyt] https://www.youtube.com/watch?v=gwoYzpesr4c[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි