×

බ්‍රිතාන්‍ය අගමැති RISHI SUNAK ට දැඩි පීඩනයක්!

ගාසා තීරයේදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් බ්‍රිතාන්‍ය ජාතිකයින් තිදෙනෙකු ඇතුළු සහන සේවකයන් හත් දෙනෙකු මිය යාමෙන් පසු බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්ට මෙම පීඩනය එල්ල වී තිබෙන බව වැඩිදුරටහ් වාර්තා වේ.


සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 04 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්හට ඊශ්‍රායලයට ආයුධ විකිණීම නවත්වන්නැයි එල්ල වන පීඩනය වැඩි වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ගාසා තීරයේදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් බ්‍රිතාන්‍ය ජාතිකයින් තිදෙනෙකු ඇතුළු සහන සේවකයන් හත් දෙනෙකු මිය යාමෙන් පසු බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්ට මෙම පීඩනය එල්ල වී තිබෙන බව වැඩිදුරටහ් වාර්තා වේ.

බ්‍රිතාන්‍ය රජය ආයුධ අලෙවිය අත්හිටුවීම ගැන සලකා බැලිය යුතු බව, බ්‍රිතාන්‍යයේ විරුද්ධ පක්ෂ තුනක් හා පාලක කොන්සර්වේටිව් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු කියා සිටියේය.

එම ප්‍රහාරයෙන් ඕස්ට්‍රේලියා, බ්‍රිතාන්‍ය හා පෝලන්ත ජාතිකයන් මෙන්ම පලස්තීන, ඇමරිකා කැනඩා ද්විත්ව පුරවැසියෙකු ද මිය ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරය පිලිබඳ ස්වාධීන පරීක්ෂණයක් පවත්වන බව , ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළ බවද සඳහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි