×

ග්‍රීක දූපත් වල විරෝධතාකරුවන්ට පොලිස් කඳුළු ගෑස් ප්‍රහාර

නව සංක්‍රමණික කඳවුරු ඉදිකිරීමේ සැලසුම සම්බන්ධයෙන් උද්ඝෝෂණ වල නිරත වූ ග්‍රීක දූපතක් වන ලෙස්බොස්හි විරෝධතාකරුවන්ට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ එල්ල කර තිබේ.


නව සංක්‍රමණික කඳවුරු ඉදිකිරීමේ සැලසුම සම්බන්ධයෙන් උද්ඝෝෂණ වල නිරත වූ ග්‍රීක දූපතක් වන ලෙස්බොස්හි විරෝධතාකරුවන්ට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ එල්ල කර තිබේ.

අන්තර්ජාලයට නිකුත්ව ඇති පින්තූර වලින් දැක්වෙන්නේ විරෝධතාකරුවන් නිලධාරීන්ට විවිධ වස්තූන් විසි කරමින් පහර දෙන ආකාරයයි. පොලිස් ප්‍රකාශකයෙකු පැවසුවේ දහසකට අධික පිරිසක් නිලධාරීන් දෙසට ගල් විසි කරමින් ඔවුන්ගේ හිස් වැසුම් කඩා දැමූ බවත්ය.

විරෝධතාකරුවන් සහ පොලිස් නිලධාරීන් ඇතුළු දුසිම් ගණනක් මෙම උද්ඝෝෂණ අතරතුර තුවාල ලැබා ඇති අතර ග්‍රීක අගමැති කිරියාකොස් මිට්සෝටකිස් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ සන්සුන්ව සිටින ලෙස යි.

චියොස් සහ සැමෝස් දූපත්වල ද උද්ඝෝෂණ පැවැත්විණි.

ඇතන්ස්හි බලධාරීන් ලෙස්බොස්, සමෝස්, චියොස්, ලෙරෝස් සහ කොස් හි ජනාකීර්ණ නිවාස ගොඩනැගිලි වෙනුවට නව කඳවුරු ඉදිකිරීමට පොරොන්දු වි ඇත.

දූපත් පහම තුර්කියේ වෙරළට ඔබ්බෙන් පිහිටා ඇති අතර, මෑත වසරවලදී යුරෝපයට යෑමට ලක්ෂ සංඛ්‍යාත සංක්‍රමණිකයන් මුහුද තරණය කිරීමට උත්සාහ කර ඇත.

රජය සහ ප්‍රාදේශීය ජනතාව අතර සති ගනනාවක් පැවති සාකච්ඡාවලින් පසු රජය රහසිගතව ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සහ කැරලි මර්දන පොලිස් නිලධාරීන් සිය ගණනක් ලෙස්බොස් සහ චියොස් වෙත නැව්ගත කර පිටත් කරවා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි