×

”ග්‍රේටා තන්බර්ග්” දේශගුණික විපර්යාසයෙන් ලොව මුදා ගන්නට ආ සුරංගනාව.

මේ විනාශ වන්නේ මුළු මහත් ලෝකයේම අනාගතයයි.


දේශගුණික විපර්යාසයන් සිදු වෙමින් සියලු ජීවීන්ට ලෝකය අහිමි වෙන්නට පටන් ගත්තේ අදක ඊයේක නොව මිනිසා වෙළද පළ ආර්ථිකය තුළ ස්වභාව ධර්මයෙන් මිදී ස්වභාව දරුමයට පටහැනිව ක්‍රියා කරන්නට පටන් ගත් පළමු මෙහොතේ සිටමය. මේ මෙහෝත වන විටද දේශ ගුණික විපර්යාසයන් වෙනුවෙන් යම් යම් මට්ටමින් අප සියල්ලෝම දායක වෙමින් සිටින අතර ඒ හේ තුවෙන් සිදුව ඇති සියළු බලපෑම් හී වේදනාකාරී අත් දැකීම් වලට අප සියළු දෙනාම මුහුණ දෙමින් සිටී. පෘථිවියට බීමට හැකි ජලය අහිමි වන්නේද, මහපොළොව අහිමි වී මුහුද ගොඩ ගලන්නේද, දකුණු හා උතුරු අර්ධගෝලයන් හී මිදී ඇති අයිසි තට්ටු අන් කවරදාකවත් නැති තරම් දියවී යන්නේද, පලෝකයේ මෙතෙක් සිටි විවිධ සතුන් වර්ග ලෝකයෙන් සදහටම සමුගන්නේද පමණත් නොව අප මුහුණ දෙමින් සිටින වැසි, අවු සුළග භූමි කම්පා ආදී අනතුරු සියල්ලටම අප මුහුණ දෙමින් සිටින්නේද මෙම දේශ ගුණික විපර්යාසයන් සිදු වන අයුරුින් මිනිසා විසින් ස්වභාව ධර්මයට වින කටිමින් සිටීම හේතුවෙනි.

මේ වෙනුවෙන් පියවර ගන්නා ලෙස වග කිව යුත්තන්ට බල කරමින් විශේෂයෙන්ම කාර්මික රටවල් විසින් සිදු කරගෙන යන පොදු පාරිසරික හානීන් නවතාලන ලෙස ඉල්ලමින් හා සෑම රාජ්‍යකටම සිය පරිසරය රැක ගන්නට කටයුතුක කරන ලෙස ඉල්ලමින් විවිධ ආයතන මෙන්ම විවිධ පුද්ගලයින් විවිධ ප්‍රමාණ වලින් ලොකයෙන් ඉල්ලා සිටින ලදී. නමුත් මේ මොහොත වන තෙක්ම සිදුවූ සියල්ල ඒ අයුරින්ම ක්‍රියාත්මක වෙමින් පැවතිණි. මේ විනාශ වන්නේ මුළු මහත් ලෝකයේම අනාගතයයි.ඒ වෙනුවෙන් ලෝකය පුරා පාසැල් සිසුන්ද ලෝකය හමුවේ දේශ ගුණික විපර්යාසයන්ගේ බලපෑම ගැන ලෝකය දැනුවත් කරන්නට මෙන්ම ලෝකයෙන් ඊට විසදුම් ඉල්ලා සිටීම සදහා විශාල විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කලහ. ලෝකය පුරා රටවල් සියයක පමණ පාසැල් සිසුන් ප්‍රමාණයක් සිය අධ්‍යාපනය සදහා ඇති කාලය වෙන් කරමින් ලෝකයට බල කර සිටියේ සිය අනාගතය බේරා දෙන ලෙසය.

නමුත් මෙතෙරම් විශාල වශයෙන් පාසැලි සිසුන් පෙළ ගැසෙන්නේ කාගේ බලපෑමෙන්ද , මෙසේ පාසැල් සිසුන් සිය අධ්‍යාපනයදබිලිලට දෙමින් දේශ ගුණික විපර්යාසයන්ගෙන ලෝකය බේරා ගැනීමට කටයුතු කලේ ඇයි.

ග්‍රේටා තන්බර්ග් 15 හැවිරිදි ස්වීඩන් ජාතික ශිෂ්‍යාව මේ අති විශාල සමාජ ව්‍යාපාරය සදහා උරදුන් ශක්තිමත් හදවත ඇත්තියයි. දේශ ගුණික විපර්යාසයන් හී බලපෑම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස බල කරමින් සමස්ත ලෝකයම මුහුණ දෙමින් සිටින අර්බුදයකට තනිව විසදුම් සෙවිය හැක්කේ කෙසේදැයි ඇතැමෙක්ට නමි විශ්වාස කරන්නටවත් බැරි කලෙක ඉතා කුඩා දැරියක වන ඇය තම සටන තනිවම ඇරඹුවාය. සිය සියළු අධාපන කටයුතු කඩ කරගනිමින් පංති වර්ජනයේ යෙදිමින් දිගු කාලයක් තිස්සේ ඇය ස්වීඩන් පාර්ලිමේන්තුව ඉදිරියේ දේශ ගුණික විපර්යාසයන්ට ඉඩ නොදෙනෙමු යනුවෙන් ලියූ බැනරයක්ද සමග බිම අසුන්ගෙන මුළු මහත් ලෝකයටම පණිවිඩයක් ලබා දුන්නාය.

ස්වීඩන් පාර්ලිමේන්තුව රැස්වන දින වලදී උදෑසනම එහි එන ඇය අවසන් වන තුරුම පාර්ල්මේන්තුවේ එළි පහළියේ හිදගෙන සිටින්නේ ලෝකයට වෙන්න යන දේට පිළියම් සොයන්නැයි සිය වග කිව යුත්තන්ව දැනුවත් කිරීමටය.

ඇගේ ඒ පිළිවෙත ලෝකයේම පාසැල් සිසු සිසුවියන් දේශ ගුණික විපර්යාසයෙන් ලෝකය බේරා ගැනීමට පෙළ ගැස්වීමට සමත් විය. ග්‍රේටා තන්බර්ග් ට මේ උදාර කාර්ය කිරීමට ඇයට මුලින් කරන්නට සිදු වූයේ සිය දෙමවුපියන් මේ පිළිබදව දැනුවත් කිරීම බව ඇය ද ගාර්ඩියන් පුවත් පත සමග පැවති සාකච්ඡාවකදී පවසා ඇත.

ඇය මේ වන විටත් නොබෙල් සාම ත්‍යාගය සදහා යෝජනා වී සිටින්නීය. ඒ දේශ ගුණික විපර්යාස පිළබද තරුණ විරෝධතා ව්‍යාපාරයේ ආරම්භකයා ලෙසයි.

ඒක පුද්ගල විරෝධතා ව්‍යාපාරයත් ලෝකයේ නගර 1650ක් පුරා පැතිර ගියේය. ඇය එක්සත් ජාතීන්ගේ දේශ ගුණික විපර්යාස පිළිබද සමුළුවට සහභාගී වී එහිදී ලෝක නායකයින් අමතා කතා කළාය. ඇය සමුළුව අමතමින් ප්‍රකාශ කළේ ” වෙනස සිදු වේවි .. ඔබ කැමති වුවත් නොවුනත් ” යනුවෙනි.

මෙවර නෙබෙල් සාම ත්‍යාගය සදහා පුද්ගලයින් 301 දෙනෙකුගේ නම් යෝජනා වී ඇත.
2017 වසරේ 17 හැවිරිදි මලාලා යූස්ෆ් දැරියට නොබෙල් සාම ත්‍යාගය හිමි වුණේ යුද්ධය තුළ ඈ මුහුණ දුක් ආකාරය සහ සාමය සදහා ගත් කැපවීම උදෙසාය.

මේ වන විටත් ග්‍රේටා තන්බර්ග්ගේ පරිසර මෙහෙයුමට ලෝකය පුරා දේශපාලකයන් රැසකගේ විරෝධතාව ප්‍රකාශ වී ඇත. විශේෂයෙන්ම ඇමරිකානු ජනපති ට්‍රම්ප් පවසන්නේ දේශගුණික විපර්යාසයක් කියා දෙයක් නොමැති බවයි. නමුත් මේ මොහොත වන විටත් ලෝකයම සිටින්නේ අනතුරකය. ග්‍රේටා තන්බර්ග් පසු පස පෙළ ගැසෙන අනාගත පරපුරට මේ අනතුරින් ලෝකය මුදා ගන්නට හැකිවේවායි අපි පතමු.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි