×

තවත් මාරක වෛරසයක් අප්‍රිකාවෙන් මතු වේ – මිය යාමේ හැකියාව 88%ක් !

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ගෝලීය වසංගත මරණ සංඛ්‍යාව පෙර නොවූ විරූ ලෙස වැඩි කරමින් තිබියදී අප්‍රිකාවෙන් ඊටත් වඩා මාරක වෛරසයක් මතු වී තිබේ.


ගිනියාවෙන් පළමු මරණය වාර්තා කරන මෙය, එබෝලා වෛරස් පවුලට අයත් ‘මාර්බර්ග් වෛරසය‘යි.

රුධිරය, සෙම වැනි මිනිස් තරල හරහා සම්ප්‍රේෂණය වන මෙම වෛරසය, ආසාදනය වුවහොත් මරණය අත් වීමේ සම්භාවිතාවය 88%ක් තරම් ඉතා ඉහළ අගයකි.

අධික උණ, මස්පිඬු වේදනාව මෙහි ද ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර, රෝගීන් අනතුරුව ඇස් සහ කන්වලින් රුධිරය ගලා එන තත්වයට පත් විය හැකිය. ඒ අනුව මෙම වෛරසය නිසා හටගන්නේ haemorrhagic fever හෙවත් ‘රක්තපාත උණ‘ රෝගයයි.

මාර්බර්ග් වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට සිය අවධානය යොමු කර තිබේ.

ගිනියාවේ මෙම රෝගය වාර්තා වන්නේ ගුවෙකෙඩූ කලාපයෙනි. මෙම පෙදෙස, 2014-2016 අතර කාලයේ පැතිර ගිය එබෝලා වෛරසයේ බිහිසුණු අත්දැකීමට ද ගොදුරු විය. පුද්ගලයන් 11,325 දෙනෙක් එහිදී මරණයට පත් වූහ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි