×

පොලිස් වෙස් ගත් කැනේඩියානු තුවක්කුකරුවකු 16ක් ඝාතනය කරයි

පොලිස් නිලධාරියෙකු ලෙස සැරසී සිටි තුවක්කුකරුවෙකු නෝවා ස්කොටියා පළාතේ කාන්තා පොලිස් නිලධාරිනියක් ඇතුළු 16 දෙනෙකු ඝාතනය කර ඇති බව කැනේඩියානු පොලිසිය පවසයි.පැය 12 ක හඹායාමකින් පසුව ප්‍රහාරකයා ද මියගොස් ඇත.


පොලිස් නිලධාරියෙකු ලෙස සැරසී සිටි තුවක්කුකරුවෙකු නෝවා ස්කොටියා පළාතේ කාන්තා පොලිස් නිලධාරිනියක් ඇතුළු 16 දෙනෙකු ඝාතනය කර ඇති බව කැනේඩියානු පොලිසිය පවසයි.පැය 12 ක හඹායාමකින් පසුව ප්‍රහාරකයා ද මියගොස් ඇත.

පොලිසිය මීට පෙර කියා සිටියේ සැකකරු රිය පැදවූයේ පොලිස් මෝටර් රථයක් ලෙසයි. තුවක්කුකරු නෝවා ස්කොටියා ප්‍රදේශය පුරා ස්ථාන කිහිපයකට මිනිසුන්ට වෙඩි තබා ඇති අතර බලධාරීන් තවමත් අවසන් මරණ සංඛ්‍යාව තහවුරු කිරීමට උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ. තවත් ගොදුරු සිටිය හැකි බවට පොලිසිය අනතුරු ඇඟවීය.

සෙනසුරාදා පෙරවරුවේ මෙම හඹායාම හා ප්‍රහාර එල්ල කිරීම ආරම්භවී ඇති අතර ඉන්පසුව ග්‍රාමීය නගරයක් වන පෝර්ටපික්හි නිවැසියන්ට ගෘහස්ථව සිටින ලෙස දැඩිව උපදෙස් දී තිබේ.

වසර 23 ක් හමුදාවේ සේවය කළ කැනේඩියානු රාජකීය පොලිස් කොස්තාපල් වරියක වන හීඩි ස්ටීවන්සන් මියගිය අය අතර වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ මෙම සිදුවීම “භයානක තත්වයක්” ලෙස විස්තර කළ අතර නෝවා ස්කොටියා හී ප්‍රධානී ස්ටීවන් මැක්නෙල් වාර්තාකරුවන්ට පැවසුවේ “මෙය අපේ පළාතේ ඉතිහාසයේ සිදු වූ වඩාත්ම ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගෙන් එකක්” බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි