හයිටියේ අගනුවරට ආසන්නයේ පිහිටි අනාථ ළමා නිවාසයක හටගත් ගින්නක් හේතුවෙන් ළමුන් පහළොස් දෙනෙකු මියගොස් තිබේ.
පෝර්ට් ඕ ප්‍රින්ස් අගනුවරට දකුණින් පිහිටි අනාථ නිවාසයේ ගින්න පසුගිය බ්‍රහස්පතින්දා සවස ආරම්භ වී ඇත. ගින්නෙන් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් 13 දෙනෙකු රෝහලේදී මියගොස් ඇති අතර දුම් ආශ්වාස කිරීම හේතුවෙන් ඔවුන් මියගොස් තිබේ.
ගින්නට හේතුව පිළිබදව පරීක්ෂණ කරමින් සිටියද, කාර්ය මණ්ඩලය සහ ළමයින් උපුටා දක්වමින් වාර්තා සඳහන් කළේ ඔවුන් විදුලිය වෙනුවට ඉටිපන්දම් භාවිතා කරන බවයි. ගින්න හටගත් රාත්‍රියේ ඉටිපන්දම් දැල්වූයේ ගොඩනැගිල්ලේ විදුලි ජනකය කැඩී ඇති බැවිනි.
එක්සත් ජනපදය පදනම් කරගත් කිතුනු කණ්ඩායමක් විසින් පවත්වාගෙන යනු ලබන මෙම අනාථ නිවාසය නිල අවසරයකින් තොරව ක්‍රියාත්මක වන හයිටි හී ළමා නිවාස සියගණනකින් එකක් ලෙස හදුන්වා ඇත.
දිවි ගලවා ගත් දරුවන්ට ආධාර කිරීම සහ නැවත පදිංචි කිරීම සඳහා බලධාරීන් දැන් කටයුතු කරමින් සිටී.
සමාජ සුභසාධන ආයතනයේ අධ්‍යක්ෂ අරියෙල් ජීන්ටි විල්ඩ්‍රොවින් පැවසුවේ ගින්න හටගන්නා අවස්ථාවේ පෙන්සිල්වේනියාව පදනම් වූ බයිබල් අවබෝධය පිළිබඳ පල්ලිය විසින් මෙහෙයවනු ලබන බලපත්‍ර රහිත මෙම අනාථ නිවාසයේ ළමුන් 60 ක් පමණ ජීවත් වූ බවයි.
රොයිටර් පුවත් සේවය වෙත අදහස් දක්වමින් ඇය මෙසේ පැවසීය. “අපි ඔවුන් [දිවි ගලවා ගත් අය] සංක්‍රාන්ති මධ්‍යස්ථානයක තැබීමටයි යන්නේ; ඔවුන්ගේ පවුලේ අය පිළිබඳව පර්යේෂණ කරන අතර ඔවුන්ගේ දෙමාපියන් සමඟ නැවත එක්විය හැකිදැයි බලමින් සිටිනවා.”