×

හමාස් නියෝජ්‍ය හමුදා ප්‍රධානියා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය යයි!

ධවල මන්දිර නිලධාරී ජෙක් සුලිවර් පවසන්නේ හමාස් නායක මාවන් ඊසා මෙසේ මිය ගිය බවයි.


සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 19,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හමාස් නියෝජ්‍ය හමුදා ප්‍රධානියා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය ගොස් තිබෙන බව වාර්තා වේ.

ධවල මන්දිර නිලධාරී ජෙක් සුලිවර් පවසන්නේ හමාස් නායක මාවන් ඊසා මෙසේ මිය ගිය බවයි.

ඔහු හමාස් නියෝජ්‍ය හමුදාපතිවරයා ලෙස කටයුතු කළ අතර, ඔක්තෝබර් 7වනදා ඊශ්‍රායල හමාස් යුද්ධය ආරම්භ වු දා සිට මිය ගිය හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම නායකයා මාවන් ඊසා බව එරට මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් පලස්තීන හමාස් සටන්කාමීන් ඔහුගේ මරණය පිළිබද නිල වශයෙන් අදහස් දක්වා නැති අතර, මීට සතියකට පෙර මධ්‍යම ගාසා තීරයේ නුසෙයි රාට් සරණාගත කදවුරට පහලින් දිවෙන උමං මාර්ග පද්ධතියක් ඉලක්ක කර ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් නියෝජ්‍ය හමුදා ප්‍රධානියා මිය ගිය බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි