×

හමාස් ප්‍රාණ ඇපකරුවන්ට මරණ තර්ජන කිරීමත් සමඟ ඊශ්‍රායලයෙන් නව ප්‍රහාර දියත් වේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ (IDF) ලුතිනන් කර්නල් ජොනතන් කොන්රිකස් ප්‍රකශ කර තිබුණේ, යුද්ධය අවසන් වන විට හමාස් සංවිධානයට "කිසිදු මිලිටරි හැකියාවක් නොමැති" බව සහතික කිරීමට තමන් වෙත නියෝග ලැබී ඇති බවයි.


හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට මරණ තර්ජන කිරීමත් සමඟ ඊශ්‍රායලය ගාසා තීරයේ නව ප්‍රහාර දියත් කරමින් ඇති බව වාර්තා වේ.ප්‍රහාර හේතුවෙන් මේ වන විට ඊශ්‍රායලයේ අවම වශයෙන් පුද්ගලයන් 900ක් හා ගාසා තීරයේ පුද්ගලයන් 700කට ආසන්න පිරිසක් මියගොස් තිබේ.

ඒ අනුව ඊශ්‍රායලය අනතුරු ඇඟවීමකින් තොරව ගාසා තීරයේ ජනතාව ඉලක්ක කළහොත් සිවිල් ප්‍රාණ ඇපකරුවන් මරා දමන බවත් ඝාතන විකාශනය කරන බවත් හමාස් ප්‍රකාශ කර ඇති අතර මේ වනවිට ඊශ්‍රායල හමුදා නිලධාරීන් ඇතුළු 100-150කට අධික පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින බව හමාස් සංවිධානය වාර්තා කර තිබේ.

මේ වන විට ගාසා තීරයේ සිරකර සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ ඉරණම අතිශයින් සංකීර්ණ වී ඇති අතර හමාස් සිවිල් වැසියන් ඝාතනය කිරීමට පටන් ගත්තොත්, ලෝකය ISIS සහ අල්-කයිඩාව සමඟ කළ දේ අපි හමාස්ට කරන්නෙමු කරන බව පෙන්ටගනය ප්‍රකාශ කර ඇති අතර අගමැති නෙතන්යාහු පවසන්නේ ඊශ්‍රායලයේ වැටලීම ‘ආරම්භය පමණක්’ වන බවයි.

ඊයේ දිනයේදී (09 ) ජර්මනිය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඉතාලියේ නායකයින් විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් හමාස් විසින් ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර හෙළා දකිමින් ඊශ්‍රායලයට සහය දක්වන බව ප්‍රකාශ කර තිබේ.

මේ වන විට එක්සත් ජනපදය පවසන්නේ තමන් ගුවන් යානා වාහක නෞකාවක්, නැව් සහ ජෙට් යානා නැගෙනහිර මධ්‍යධරණී මුහුදට ගෙන විත් ඇති අතර ඊශ්‍රායලයට අමතර උපකරණ සහ පතොරම් ද ලබා දෙන බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ප්‍රකාශ කර ඇති අතර මෙයට ප්‍රධාන හේතුව වශයෙන් ධවල මන්දිරය ප්‍රකශ කරන්නනේ, ඇමරිකාවේ බුට් සපත්තු ඊශ්‍රායල භුමියේ තැබීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති මුත්, ඉරානය විසින් හමාස් සංවිධානයට අරමුදල් සහ ආයුධ සැපයීමත්, විශේෂයෙන්ම, ලෙබනනයේ ප්‍රබල හිස්බුල්ලා ව්‍යාපාරය ගැටුමට සම්බන්ධ වීම වැළැක්වීමටත් එක්සත් ජනපදය යුධ ආධාර ලබා දෙනු ඇති බවයි.

ජාත්‍යන්තර අනුකම්පාවේ සහ සුහදතාවයේ තම හමුදාවට ගාසා තීරය තුළ පුළුල් හමුදා මෙහෙයුම් සිදු කිරීමට ඊශ්‍රායලය සුදානම් වන අතර, ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ (IDF) ලුතිනන් කර්නල් ජොනතන් කොන්රිකස් ප්‍රකශ කර තිබුණේ, යුද්ධය අවසන් වන විට හමාස් සංවිධානයට “කිසිදු මිලිටරි හැකියාවක් නොමැති” බව සහතික කිරීමට තමන් වෙත නියෝග ලැබී ඇති බවත්. ඒ වෙනුවෙන් සිය හමුදාව කැප වෙන බවත්ය. මේ වන විට ඊශ්‍රායල හමුදාව බොහෝ දුරට දකුණේ පාලනය අත්පත් කරගෙන ඇති බව සඳහන් වේ.

2014 වසරෙන් පසු ගාසා තීරයේ අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට ඉහළම අගයක් ගෙන ඇති බව එක්සත් ජාතීන් විශ්වාස කරන අතර මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලය වාර්තා කරන්නේ ගාසා තීරයේ පුද්ගලයින් 187,518 දෙනෙකු තම නිවෙස් අතහැර ගොස් ඇති අතර 137,427 ක් දැනට UNRWA පාසල්වල නවාතැන් ගෙන සිටින බවයි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි