හමාස් සංවිධානය ඉදිරි දින තුළ ජෙරුසලමේ අල්-අක්සා මුස්ලිම් පල්ලියට ගිනි තබා විනාශ කොට වසර 50ක් ගත වීම නිමිත්තෙන් බලවත් විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බවට ප්‍රතිඥා දී තිබේ.
දැනට වසර 50 කට පෙර, 1969 අගෝස්තු 21 වන දින, කතෝලික ඕස්ට්‍රේලියානු ජාතිකයකු වන ඩෙනිස් මයිකල් රෝහන් විසින් අල්-අක්සා පල්ලියට ගිනි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන නඩු පවරන ලදී. නඩු තීන්දුව තුළ ප්‍රකාශයට පත්වූයේ ඔහු මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන පුද්ගලයකු බවයි.
හමාස් සංවිධානය ප්‍රතිඥා දෙමින් ප්‍රකාශ කර සිටියේ මෙම ප්‍රහාරයට වසර 50ක් පිරීම නිමිතිකොට ගෙන හා විරෝධය පෑමට එම සංවිධානයේ සියළු සාමාජිකයින් වීදි බසින බවයි.
නිල නිවේදනයක් නිකුත් කරමින් බටහිර ඉවුරේ හි, ගාසා තීරයේ හා ජෙරුසලමේ වසන සියළු පලස්තීනු වැසියන් හට ආරාධනා කරමින් හමාස් සංවිධානය පවසා සිටියේ මෙම විරෝධතාවයට සහභාගී වන ලෙසත්, අල්-අක්සා සහ ජෙරුසලමට එරෙහි සියොන්වාදී ඇමරිකානු කූට සැලසුම් වලට විරෝධතාවය ප්‍රකාශ කරන ලෙසත් ය.