×

අපි නුඹලාගේ නගර දෙකක් වනසනවා – පලස්තීනය ඊශ්‍රායලයට කියයි

ගාසා තීරයේ පිහිටා තිබෙන පලස්තීන සිවිල් ගොඩනැගිලි ඉලක්ක කරගෙන රොකට් ප්‍රහාර එල්ල කිරීම නතර කරන්නේ නැතිනම් තමන් විසින් අෂ්ඩොඩ් සහ බීර්ෂෙබා නගරවලට පහර දෙන බව හමාස් සන්නද්ධ අංශය ඊශ්‍රායලයට කියා සිටියි.


පසුගිය සඳුදා දිනයේ සිට මේ දක්වා ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් තවත් පලස්තීනුවන් 6 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇත. එය 2014 යුද්ධයෙන් පසු දෙපිරිස අතර දරුණුම ප්‍රචණ්ඩත්වය ඇති වූ කාල පරිච්ඡේදයයි.

මෙම නවතම නොසන්සුන්තාවය හටගත්තේ, පසුගිය සඳුදා ගාසා තීරයට හොර රහසේ ඇතුළු වූ ඊශ්‍රායල් රහස් පොලිස් කණ්ඩායමක් හමාස් සන්නද්ධ අංශ නායකයෙකු ඇතුළු පුද්ගලයන් 7 දෙනෙක් ඝාතනය කිරීමත් සමග ය.

ඊයේ සවස ඊශ්‍රායල් රොකට් ප්‍රහාරයකින් හමාස් හි අල් අක්සා රූපවාහිනී ගොඩනැගිල්ල ද විනාශ කර දමා තිබේ.

පලස්තීන හමාස් සංවිධානය ද ඊශ්‍රායලය වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටියි.

අල් අක්සා රූපවාහිනිය විසින් විකාශය කළ ඇඟ ලොමුදැහැ ගැන්වෙන රූපමාලාවක දැක්වුණේ, ගාසා තීරයේ දේශසීමාව අසලදී ඊශ්‍රායල් හමුදා නිලධාරීන් රැගත් බස් රියක් පලස්තීන ගරිල්ලන් විසින් ප්‍රහාරයට ලක් කරන ආකාරයයි.

තමන්ගේ සටන්කරුවන්, කෝනෙට් වර්ගයේ යුධ ටැංකි නාශක මිසයිලයක් යොදාගෙන, මිෆ්ලාසිම් ජනාවාසය තුළ සැඟවී ගෙන මෙම ප්‍රහාරය එල්ල කිරීමට සමත් වූ බව හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ජයග්‍රාහී අන්දමින් කියා තිබේ.

එය, තමන්ට ද ප්‍රබල ප්‍රහාර එල්ල කිරීමට හැකියාව තිබෙන බවට ඊශ්‍රායලය වෙත ලබාදුන් අනතුරු ඇඟවීමේ පණිවුඩයක් ලෙසට පලස්තීන විමුක්තිකාමීහු අර්ථ දක්වති.

ඊශ්‍රායල් සොල්දාදුවන් බසයෙන් බැසීමට සූදානම් වන අවස්ථාවේ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් බස් රිය මුළුමනින්ම පිපිරී විනාශ විය. පහත දැක්වෙන්නේ එහි අනුයාත රූප රාමු මාලාවයි.

පෙර ලිපිය කියවන්න…

ඊශ්‍රායලය වැට පනියි, ගාසා තීරය නැවත රත් වෙයි. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි