×

හවායි හී දුම් බීමේ අවම වයස් සීමාව අවුරුදු 100 දක්වා ඉහළට.

පනත් කෙටම්පත අනුව 2020 දී දුම්බීමේ අවම වයස අවුරුදු 30 වන අතර 2021 වසරේදී එම සීමාව 2040 වන තෙක්ද 2023 දී එය අවරුදු 60 වන තෙක් සහ ඉන් පසු වයස අවුරුදු 100 දක්වා වැඩි කරනු ඇත.


හවායි හී දුමී බීමේ වයස් සීමාව අවුරුදු 100 දක්වා ඉහළ දැමීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට සැරසේ .
මේ සදහා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සහ දුම්කොළ සමාගම් හී ප්‍රතිචාරයට මුහුණ දීම සදහා අවශය ශක්තිය සම්පාදනය කර ගැනීමෙන් පසු මෙම නීතිය හදුන්වා දීමට සූදානමින් සිටී.

මෙම නීතියට කෘතීම සිගරට්, දුම්කොළ සහ සුරුට්ටු සියල්ලක්ම අන්තර් ගත වේ.
මෙම පනත් කෙටුම්පත සදහා යෝජනාව සිදු කරනු ලැබුවේ හවායි හී ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත රිචර්ඩ් ක්‍රීගන් විසිනි. රිචර්ඩ් ක්‍රීගන් වෛද්‍යවරයෙක් වන අතර හවායී නියෝජිත වරයා ලෙස 2014 වසරේ ඔහු සිය ධූඍය භාර ගන්නා ලදී. පනත් කෙටුම්පත තුළ ඔහු විසින් දුම් පානය හදුන්වා දී ඇත්තේ මිනිස් ඉතිහාසයේ මාරාන්තික මෙවලම ලෙසය.

පනත් කෙටම්පත අනුව 2020 දී දුම්බීමේ අවම වයස අවුරුදු 30 වන අතර 2021 වසරේදී එම සීමාව 2040 වන තෙක්ද 2023 දී එය අවරුදු 60 වන තෙක් සහ ඉන් පසු වයස අවුරුදු 100 දක්වා වැඩි කරනු ඇත.

ඇමරිකාවේ රෝග නිවාරණ මධ්‍යස්ථානය පවසන්නේ ඇමරිකාවේ නිවාරනය කළ හැකි රෝග හේතුවෙන් සිදුවන මරණ සදහා වැඩිම ප්‍රමාණයක් හේතු වන්නේ දුම්බීම බවයි.
වාර්ෂිකව ඇමරිකානුවන් ලක්ෂ පහක් පමණ දුම්බීම නිසා මරණයට පත් වෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි