×

ගාසා තීරයට බලපෑ අධික වර්ෂාව පලස්තීනුවන්ට යනඑන මං නැති කරයි

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලය වෙනුවෙන් තියුණු විවේචන ඉදිරිපත් කරයි,


ඊයේ (12)රාත්‍රියේ ගාසා තිරයට බලපාන ලද අධික වර්ෂාව හේතුවෙන් නිවාස වලින් පලාගොස් තාවකාලික නිවාසවල වෙසෙන දස දහස් ගණනක් පලස්තීනුවන්ගේ තත්වය තවත් නරක අතට හැරි ඇති බව වාර්තා වේ.

ගත වූ පැය 24 තුළ ඊශ්‍රායල් හමුදාව විසින් ගුවන් ප්‍රහාර 250කත අධික සංඛ්‍යාවක් එල්ල කර ඇති අතර ඉන් මියගිය සංඛ්‍යාව 50 පමණ වන බව සඳහන් වන අතර, පසුගිය ඔක්තෝබර් 7 වනදා සිට එල්ල කරන ලද ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් 18,400 මියගොස් ඇති බව හමාස් පාලනය කරන සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

ඊයේ දිනය ඊශ්‍රායල් හමුදාවට මාරාන්තිකම දිනයක් බව ප්‍රකාශ කළ ඊශ්‍රායල් හමුදා අංශ වාර්තා කර තිබුණේ, ගාසා තීරයේ සටන් වලදී සිය සොල්දාදුවන් 10 දෙනෙකු මිය ගිය බවයි.

මේ වන විට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලය වෙනුවෙන් තියුණු විවේචන ඉදිරිපත් කරමින් සිටින අතර, ඔහු ප්‍රකාශ කරන්නේ ඊශ්‍රායලය විසින් ගාසා තිරයට නිරන්තරයෙන් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් රටට ගෝලීය සහයෝගය අහිමි වීමට පටන් ගෙන ඇති බවයි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි