×

ජපන් රටේ උපත ලබන බෝනික්කන්ගේ සැමරුම් උළෙල ”හිනාමත්සුරි ”

කෙසේ වෙතත් හිනාමත්සුරි උළේලේ අතීත කථාවත් හරිම රසවත්.


ජපානය කියන්නේ විවිධාකාරයේ සාම්ප්‍රදායික උත්සව වලින් පිරිුණු රටක්. ඒ නිසාම ජපානයේ සෑම සියලු දෙනාටම වසරේ සමරන්නට වවිධ අවස්ථා උදාවෙනවා. බාල මහළු ලොකු කුඩා තරුණ කාටත් සතුටින් සිටින්නට වසරේ විවිධ දින හේතු වෙනවා. එවැනි උත්සව අතරේ මාර්තු මාසයට යෙදෙන එක් උත්වයක් ලෙස හිනාමත්සුරි උත්සවය හදුන්වන්න පුළුවන්. බෝනික්කන්ට ඉතා ප්‍රසිද්ධ රටක් වන ජපානය බෝනික්කක්නගේ දිනය සමරන්නේ මාර්තු මාසයේදී. මාර්තු 03 වන දින සමරන මෙම බෝනික්ක්කන්ගේ උත්සවය හැදින්වන්නේ හිනාමත්සුරි උත්සවය කියලයි. බෝනික්කන් ගැහැණු ළමුන්ගේ සංඛේතයක් ලෙස දකින්නට ලෝකය පුරුදු වී ඇති නිසාම එම උත්සවය දැරීවියන්ගේ උත්සවය ලෙසද විටෙක් හදුන්වන්නට ජපනුන් පෙළඹී සිටිනවා.

ඒ. මාර්තු යනු ජපානය මෙන්ම ලෝකයේ බෙහෝ රටවල සීත සෘතුව නිම වී  දේශගුණය සෞම්‍යවී ගෙන එන කාලෙ. මුළු ජපානයම හිමෙන් සේදිලා ගිහින් පරිසරය නැවුම් හරිම ලස්සනයි. එවැනි කාලයක මුලින්ම ජපානය සමරන මේ දැරීවියන්ගේ දිනය එහෙමත් නැත්නම් බෝනික්කන්ගේ දවස Hinamatsuri (හිනාමත්සුරි) . එදින මේ දිනය කුඩා දියණියන්ටනම් හරිම සතුටු දවසක්. එදාට බෝනික්කන් සාදා රතුපලස් මත තබා ප‍්‍රදර්ශනය කිරීම මූලිකම කර්තව්‍යයක් වෙයි. විවිධාකාරයේ අලංකාර බෝනික්කන්. විශේෂයෙන්ම ජපානයේ ඇතැම් බෝනික්කන් සාම්ප්‍රදායික මුහුණුවරකින් යුක්ත වන අයයි. විශේෂයෙන්ම බෝනික්කක් ජපන් සම්ප්‍රදාය සමග දැඩිව බැදී පවතින සංස්තෘතික අංගයක්ද වෙයි.. මේ බෝනික්කන් විවිද අයරින් හැඩ ගැන්වෙනවා. ඇතැම් විට විවිධ වෙස් වලාගෙන රටේ අධිරාජයාවරයා අධිරාජිනියගේ සිවරූපයෙන්ද හැඩ ගස්වා ඇති අයුරු දැකිය හැකියි., කුඩා දැරියන් කරන්නේ ඔවුන්ගේ සාම්ප්‍රදායික ජපන් ඇදුම වන කිමෝනා වලින් සැරසිලා ඉදිරිපසින් වාඩිවෙලා බෝනික්කන් විකුණනවා එමෙන්ම ඉතා අධික මිළ ගනන්වලට අලෙවි වෙන මේ බෝනික්කන් කුඩා දැරියන්ගේ හැකියාවන් උනන්දු කිරීමෙහිලා මේ උත්සවය පවත්වන ල ද බව කියැවේ.

කෙසේ වෙතත් හිනාමත්සුරු උළේලේ අතීත කථාවත් හරිම රසවත්.

ජපන් ඉතිහාසයට අනුව Heian (හෙයියන්) කි‍්‍ර.ව. (794 – 1191) සමයේදී දියණියනට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ලබා ගැනීම පිණිස කළ යාඥාවක් ලෙස මෙය පැවැත්වීය. ඒවා සාදන ලද්දේ කඩදාසි ප‍්‍රතිරූප ලෙසටයි. එම ප‍්‍රතිරූප මල්, කැවිලි, ආදී පූජාවනුත් සමඟ ගඟට විසිකිරීම දියණියන් විසින් සිදුකර ඇත. ඉන්පසු Edo(එදෝ කි‍්‍ර.ව. (1603 – 1867) සමයේ දිගට සකස්කරන ලද කිමොනෝ ගවුම් අන්දා ජාතික උත්සවයක් ලෙසින් බෝනිකි මංගල්‍යය පැවැත්වීමට පටන් ගන්නා ලදී. ගම් මට්ටමින් පටන් ගන්නා ලද මෙම චාරිත‍්‍ර මංගල්‍යය ආර්ථික පසුබිමක් මත වෙළඳ භාණ්ඩයක් ලෙස සලකන්නට වූයේ Meiji (මෙයිජි කි‍්‍රව (1868 – 1912) සමයේ සිට ය. ඉන්පසුව ජපන් රට පුරාම මේ සිරිත පැතිරී ඇත. අද එය මහා උත්සවයකි. නිවෙස්වල විශේෂ කෑම පිළියෙළ වේ. ජපන් රටේ මෙවන් උත්සවවලදී රටේ අනන්‍යතාවය පෙන්වීම ජපන් ජාතිකයින් ගේ සිරිතකි. බත් යොදා ගෙන සාදන Kusamochi Hishimochiආදී කේක්ද හාල් කුඩෙන් සාදන Shirosake බීමක්ද හාල්වලින් සාදන මත්පැන් [Sake] මේ උත්සවය සඳහා පිළියෙළ කරන විශේෂ ආහාර අතර වේ.

මෙසේ බෝනිකි ඉතිහාසය රසවත්වූයේ මේ ජපානයේ පමණක් නොව මුළු ලෝකය පුරාම ජපන් බෝනික්කෝ ළමා සිත් වශී කරවන වෙළඳ භාණ්ඩයක් බවට ප‍්‍රචලිතවිය. ජපන් ජාතිකයන්ගේ “සැකසුම” ඉතා හොඳ නිමාවකින් යුත් ලෙසින් එකක් වීම නිසාම ඒවා අද ලෝකයේ බොහෝ දෙනාගේ ඉල්ලුමට පාත‍්‍ර වී තිබෙනවා.

කාලයක් තිස්සේ රටක් තුළ මෙවැනි ආවේණ්ක සාම්ප්‍රදායික උත්සව සැබවින්ම එරට ජනතාව සතුටින් තබනවා. ජනතාවට ඔවුන්ගේ සතුට අන් අය හා බෙදා ගන්නට හේතු සපයනවා.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි