×

හොංකොං උද්ඝෝෂකයින් මාරක අවි භාවිතා කරන්නේ නම් උණ්ඩයෙන් පිළිතුරු දීමට පොලිසිය සූදානම්!

මෙම සිදුවීමේ සජිවී විකාශය බිහිසුණු දසුන් වෙත නෙත් විවර කරවීය..


හොංකොං නගරයේ දේශපාලන අස්ථාවරභාවය හමුවේ දියත් වන උද්ඝෝෂන තුළ පොලිටෙක්නික් විශ්ව විද්‍යාල පරිශ්‍රය අසල පෙට්‍රෝල් බෝම්බයක් හෙලීම මත ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණයත් සමඟ එම නගරයේ පොලිසිය සඳහන් කොට සිටියේ මෙම “කැරලිකරුවන්” මාරක අවි යොදා ගනිමින් මෙසේ තවදුරටත් ප්‍රචණ්ඩ ක්‍රියා වල නිරත වන්නේ නම් සජීවී උණ්ඩයෙන් ප්‍රතිචාර දක්වන බවයි.

මෙකී විරෝධතාකරුවන් හැඳින්වීමට හොංකොං පොලිසිය භාවිතා කළ වචනය වූයේ කැරලිකරුවන් ය.

ඒ අනුව හොංකොං පොලිසිය විරෝධතාකරුවන් මාරක අවි තවදුරටත් භාවිතා කරන්නේ නම් නිසැකව වෙඩි තැබීමේ ස්ථාවරයේ පසුවෙයි.

නිලධාරීන්ට පහර දීම සඳහා මාරක අවි භාවිතා කිරීම නතර කරන ලෙස ඉල්ලා සිටි හොංකොං පොලිසිය අද දින නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ විරෝධතාකරුවන් එය නොනවත්වා සිදුකරන්නේ නම් මෙසේ වෙඩි උණ්ඩයෙන් ප්‍රතිචාර දැක්වීමට ඔවුනට අකමැත්තෙන් වුවද සිදුවන බවය.

විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සිටි විරෝධතාකරුවන් පොලිසිය විසින් එල්ල කළ නිල් සායම් මිශ්‍රිත ජල ප්‍රහාර වලට පෙට්‍රෝල් බෝම්බ වලින් ප්‍රතිචාර දැක්වීම සිදුවූ අයුරු දක්නට ලැබුණු අතර, දිවා කාලයට පෙර පොලිස් විශේෂ කාර්ය බලකා විසින් විශ්ව විද්‍යාල පරිශ්‍රයට ඇතුළු වී බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ ආකාරයද දක්නට ලැබිණි. මෙම සිදුවීමේ සජීවී විකාශනය තුළ බිහිසුණු සිදුවීම් මාලාවක් දක්නට ලැබුණු අතර එකී විශ්ව විද්‍යාලය අසල විශාල ගින්නක් ද හට ගෙන තිබිණි. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි