×

2025වන විට හොංකොංහි සියලුම ප්‍රාථමික පාසල්වල “දේශප්‍රේමී” අධ්‍යාපනය හඳුන්වා දීමට නියමිතයි

වසර හයක අධ්‍යාපනයෙන් පසු සිසුන් තම රට ගැන කිසිවක් නොදන්නේ නම් එය නිවැරදි නොවේ.


2025 වන විට හොංකොංහි සියලුම ප්‍රාථමික පාසල්වල සිසුන් අතර ජාතික අනන්‍යතාවය පිළිබඳ හැඟීමක් ක්‍රමානුකූලව ඇති කිරීමේ අරමුණෙන්, දේශප්‍රේමී අධ්‍යාපන ක්‍රමයක් හදුන්වාදීමට නියමිත බව එරට අධ්‍යාපන කාර්යාංශය නිවේදනය කර තිබේ.

ඒ අනුව, මේ වන විට ප්‍රාථමික පාසල්වල පවතින සාමාන්‍ය අධ්‍යයන විෂය මාලාව 2025 වන විට නව මානව ශාස්ත්‍ර විෂය මාලාවක් සමඟ ප්‍රතිස්ථාපනය කරනු ඇති අතර විෂය මාලාව සෞඛ්‍යය, පුරවැසිභාවය සහ ප්‍රජාව වැනි සාමාන්‍ය අධ්‍යයන අංග අඩංගු වන අතර, එය දේශප්‍රේමී අධ්‍යාපනය අවධාරණය කරනු ඇත. ජාතික අනන්‍යතාවය, ජාතික ඉතිහාසය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ නව මොඩියුලයක් ඒ හරහා දරුවන් අතරට යැවීම අපේක්ෂා කෙරේ.

විෂයමාලා සංවර්ධනය අධීක්‍ෂණය කරන අධ්‍යාපන නිලධාරියෙකු වන paul Lee Kin-wan සඳහන් කළේ, වසර හයක අධ්‍යාපනයෙන් පසු සිසුන් තම රට ගැන කිසිවක් නොදන්නේ නම් එය නිවැරදි නොවන බවයි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි