×

හොංකොං විරෝධතාවට සතියක් – නව පනත සම්මත කිරීම කල්යයි

වරද කරුවන් චීනයට යවන මුවාවෙන් චීන විරෝධී හොංකොං ක්‍රියාකාරිකයන්ද අත් අඩංගුවට ගැනීම මෙවැනි නීතියක් පැනවීමේ චීන අරමුණ බව විරෝධතාකරුවන් පෙන්වා දෙයි.


හොංකොං හී ජනතාව මිලියන ගණනක් සහභාගී වී පැවැත්වූ විරෝධතාවට සතියකට පසු එරට නායිකා කැරී ලෑම් විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

හොංකොංහී අපරාධ චෝදනා එල්ල වූවන් සදහා නීතිමය ක්‍රියාමාර්ග දියත් කිරීමට ඔවුන් චීනයට භාර දීම සම්බන්ධ නීති කෙටුම්පත් සම්මත කර ගැනීමට උත්සහා දැරීමට විරුද්ධව මෙම විරෝධතාව පැවැත් විය.

සතියක් තිස්සේ දස දහස් ගණනින් පිරිස් රැස්වී පැවැත්වූ විරෝධතාව මේ වන විට තව දුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී. මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් එරට නායිකා කැරී ලෑම් විසින් අනාවරණය කරන ලද්දේ තමන් විසින් චීන බලධාරීන් හමුවී මේ පිළිබදව සාකච්ඡා කළ බවයි.

මේ අනුව අදාල නීතිය සම්මත කිරීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් තැබෙනු ඇති බව ඇය විසින් දන්වා සිටියාය. නමුත් විරෝධතා කරුවන් රජයට බල කර සිටින්නේ මෙම පනත හකුලාගත යුතු බවයි. වරද කරුවන් චීනයට යවන මුවාවෙන් චීන විරෝධී හොංකොං ක්‍රියාකාරිකයන්ද අත් අඩංගුවට ගැනීම මෙවැනි නීතියක් පැනවීමේ චීන අරමුණ බව විරෝධතාකරුවන් පෙන්වා දෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි