×

හොංකොං රාජ්‍ය-විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වන ලකුණු

හොංකොං හි රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ දියත් වීම වඩාත් උත්සන්න වෙමින් පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


හොංකොං හි රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ දියත් වීම වඩාත් උත්සන්න වෙමින් පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හොංකොං නායක කැරී ලැම් අඟහරුවාදා දින (27) ප්‍රකාශ කර සිටියේ තෙමසක පමණ කාලයක සිට එරට දියත් වන රාජ්‍ය-විරෝධී උද්ඝෝෂණ හා ප්‍රචණ්ඩ ක්‍රියා ආසියානු මූල්‍ය මධ්‍යස්ථානය අකර්මන්‍ය වීමටත්, එය දිගින් දිගටම සිදුවීම වඩාත් බරපතල තත්ත්වයක් ඇති කිරීමේ අවදානමක් ඇතිකිරීමටත් හේතුවී ඇති බවයි.

පසුගිය ඉරු දින හොංකොං හි රාජ්‍ය විරෝධී උද්ඝෝෂණය පැවති දිනයේ සිට මෙසේ නායක කැරී ලැම් මාධ්‍ය වෙත අදහස් දක්වන්නේ පළමු වරට ය.

පසුගිය ඉරු දින පැවති රාජ්‍ය-විරෝධී උද්ඝෝෂණයේදී, ගඩොල් සහ පෙට්‍රෝල් බෝම්බ විසි කළ විරෝධතාකරුවන් සමඟ සටන් වැදි පොලිස් නිලධාරීන් ජල ප්‍රහාර හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදී.

චීන-පාලිත හොංකොං නගරය 1997 දී බීජිං වෙත භාර දීමෙන් පසු ඇති වූ විශාලතම දේශපාලන අර්බුදය සමඟ මේ වන විට පොරබදමින් සිටින අතර, කොමියුනිස්ට් පක්ෂ බලධාරීන් පැහැදිලි අනතුරු ඇඟවීමක් කරමින් නිවේදනය කොට ඇත්තේ, නොසන්සුන්තාව මැඩපැවැත්වීමට බලවත් මැදිහත් වීමක් කළ යුතු බවය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි