×

පකිස්ථාන තලේබාන් සංවිධානය ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයක් අත්පත් කරගනිමින් ආරක්ෂක නිලධාරීන් ප්‍රාණ ඇපයට ගනියි

තත්වය සමතයකට පත් කිරීමට බලධාරීන් විසින් TTP සංවිධානය සමඟ සාකච්ඡා කිරීමට උත්සහ කළද සංවිධානය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.


පකිස්ථාන් තලේබාන් සංවිධානය ලෙස හැඳින්වෙන ටෙහ්රීක්-ඊ-තලිබාන් (TTP) සටන්කාමීන් විසින් රටේ වයඹ දෙසින් පිහිටි බන්නු දිස්ත්‍රික්කයේ ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයක් අත්පත් කර ගැනීමෙන් පසු ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන සිටින බව වාර්තා වේ.

තත්වය සමතයකට පත් කිරීමට බලධාරීන් විසින් TTP සංවිධානය සමඟ සාකච්ඡා කිරීමට උත්සහ කළද සංවිධානය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ. TTP සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානය සමඟ සම්බන්ධ වී රට තුළ ඉස්ලාමීය නීතිය ස්ථාපික කිරීමටත්, රජයේ අත්අඩංගුවේ සිටින ඔවුන්ගේ සාමාජිකයින් නිදහස්කර ගැනීමටත්, ගෝත්‍රික ප්‍රදේශවල පාකිස්තාන හමුදා පැමිණීම අඩු කිරීම සඳහාත් සටන් කරනු ලබයි.


පාකිස්ථානයෙ ඩෝන් පුවත්පත අද(19)වාර්තා කර තිබුණේ ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානය අත්පත් කර ගැනීමෙන් පැය 15 කට පසුවත් එහි තත්ත්වය නොසන්සුන්ව පවතින බවයි. කෙසේ නමුත් රොයිටර් වෙත යවන ලද TTP ප්‍රකාශයක සඳහන් වූයේ සටන්කාමීන්හට ඇෆ්ගනිස්ථානයට යාමට ආරක්ෂිත මාර්ගයක් ලබා ගැනීම අරමුණු බවත්, TTP විසින් මෙම ඉල්ලීම පාකිස්තාන බලධාරීන්ට ද දන්වා ඇති නමුත් කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් ඒ වෙනුවෙන් ලැබී නොමැති බවත්ය.

පාකිස්ථානු රජය මේ සම්බන්ධයෙන් නිවේදනය කර තිබුණේ, TTP හි ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලකයන් අතර සබඳතා පළුදු කර ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි