×

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.


සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):හූති කැරළිකරුවන් විසින් ඇමෙරිකාවට අයත් ඩ්‍රෝන යානයක් බිම හෙළීමට සමත්වූ බව නිවේදනය කරයි.

යේමනයේ හූති කැරළිකරුවන් බිම හෙලු ඇමරිකාවට අයත් ඩ්‍රෝන යානයේ දර්ශන මාධ්‍යයට නිකුත්කර තිබුණු අතර, මිසයිල ප්‍රහාරයක් මගින් නියමුවන් රහිත ඩ්‍රෝන යානය බිම හෙලු බව හූති කැරළිකරුවන් නිවේදනය කරයි.

ඇමෙරිකා ගුවන් හමුදාවටඅයත් එම් කිව් නවය වර්ගයේ ඩ්‍රෝන යානයක් යේමනයේදී අනතුරට ලක්ව ඇති බව ද ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සදහන් කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවද පැවසීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි