×

COVID-19 හා ගෝලීය ආර්ථිකය

.


කොරොනා වෛරසය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීමත් සමග  මේ වසරේ වඩා ශක්තිමත් ගෝලීය ආර්ථික වර්ධනයක් අපේක්ෂා කිරීමේ සිහිනය බිඳී යනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජීවා පසුගිය බදාදා පැවසීය.

2008-2009 මූල්‍ය අර්බුදයෙන් පසු 2020 ගෝලීය නිමැවුම් ලාභය මන්දගාමී වේගයකට ගෙන යනු ඇත. ඒ අනුව 2020 ලෝක ආර්ථික වර්ධන වේගය 2019 සාපේක්ෂව සියයට 2.9 ට වඩා අඩු වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරයි.

2009 වසරේ ගෝලීය ආර්ථීකය 0.7%කින් හැකිලීමෙන් පසු අවම අනුපාතයකට තල්ලු කළ අවස්ථාවක් ලෙස මෙම වසර හැදින්විය හැකිවේ. කෙසේ වුවත් ජාත්‍යන්තර අරමුදල පවසන පරිදි 2020 වසරේ ආර්ථික වර්ධනය කෙතරම් මට්ටමකින් පහත වැටෙනු ඇතැයිද යන්න පැවසිය නොහැකි බව මූල්‍ය අරමුදල පවසයි.

එක්සත් ජනපදය හා චීනය අතර වසර 30කට ආසන්න කාලයක් තිස්සේ පැවති වෙළඳ යුද්ධය විශේෂයෙන්ම චීන ආර්ථිකයට මන්දගාමී ස්වරූපයක් එක් කළ අතර ආර්ථික විද්‍යාඥයින්ට අනුව 2019 වසරේ මිලියන 4ක් දෙනාට රැකියාව අහිමිව වන්නට ඇත. මෙම පසුබිම මත කොරෝනා වෛරසය චීනය තුල පුපුරා යෑම හේතුවෙන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් රෝගී වීමත් තවත් දහස් ගණනක් මිය යෑමත් සමග චීන ආර්ථිකයට මුලින්ම තිරිංග වැටුන අතර කුමයෙන් ලෝකය තුළ රෝගය ව්‍යාප්ත වීමත් සමග කොරෝනා විසින් ආර්ථිකය මත සිදු කරන ලද බලපෑම සමස්ථ ලෝකයටම බලපාමින් තිබේ. ඒ අනුව මේ වන විට චීනය, ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව ඇතුළු ලෝකයේ සෙසු රටවල ආර්ථිකන්ගේද බිද වැටම් වලට පාර කපා ඇත.

රොයිටර් සමාගම මගින් පවත්වන ලද අධ්‍යයනයකදී ආර්ථික විද්‍යාඥයින් විසින් අපේක්ෂා කරන්නේ චීනයේ වර්ධන වේගය මෙම වසරේ පළමු කාර්තුවේදී 4.5 දක්වා පහත වැටෙනු ඇති බවයි. සටෑන්ඩඩ් චාර්ටඩ් ආයතනය පවසන පරිදි චීන ආර්ථිකය මත 42% බලපෑමක් ඇති කරනු ඇත. ඒ අනෙකුත් රටවල ආර්ථිකයන්ද පහත දමමිනි.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් සමාගමට අනුව ඩොලර් ට්‍රිලියන 1.1 ක අක්‍රීය ණය ලෙස හැදින්වෙන ණය වැඩි වීමට තුඩු දෙන ණය මත ගෙවීම් කිරීමට සමාගම් අරගල කළ හැකිය. චීන ගුවන් සමාගම් වල ගුවන් යානා ගමන් නැවැත්වීමට බල කිරීමත් සමග ඒ හා බැදී තිබුණ ආදායමෙන් ඩොලර් බිලියන 12.8ක් චීනයට අහිමි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

COVID-19 හෙවත් කොරෝනා බලපෑම කලාපීය වශයෙන් ඉස්මතු වීමත් සමග ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයට (IATA) අනුව ගෝලීය වශයෙන් ගුවන් කර්මාන්තයට ඩොලර් බිලියන 29 ක් අහිමි වනු ඇත.

IESE Business Schoolහී ආසියානු කටයුතු පිළිබද මහාචාර්ය රූබන් මොන්ඩෙජාර්ය අනුව මීට වසර 15 ත් 20ත් දක්වා සිට චීනය ලෝකයේ කර්මාන්ත ශාලාව ලෙස නම් කර තිබුණි ඒ අනුව මේ දැන් අලට දැක ගත හැක්කේ ලෝකයේ සැපයුම් මූලාශ්‍රය බිද වැටී ඇති බවයි යනුවෙනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා පවසන පරිදි උත්සන්න වන සෞඛ්‍ය අර්බුදය නිසා ලෝකය ආරිථික අවපාතකයට ලක් වනු ඇතැයි යන්නට සම්පූර්ණයෙන්ම එකග විය නොහැකි වුවත් ලොව දුර්වල මේ වන විටත් දුප්පත් සහ මධ්‍යම ආදායම් ලබන රටවල් කඩා වැටීම සීග්‍රයෙන් සිදු වනු ඇති බවට හොඳම උදාහරණය ආජන්ටිනාවයි.

කොරෝනා වෛරසයේ බලපෑමත් සමග ආර්ජන්ටිනාවේ ආර්ථිකය අඛණ්ඩව තුන්වන වරටත් බිඳ වැටී ඇත. මේ වන විට එරට උද්ධමනය 50%කට වඩා වැඩි මට්ටමක පවතින අතර ණය පැහැර හැරීම් වළක්වා ගැනීම සදහා එරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටී.

එසේ වුවත් 1950 දශකයේ අග භාගයේ සිට ජාත්‍යන්තර මූළ්‍ය අරමුදල ආර්ජන්ටිනාවට 20 වතාවකට වඩා ණය සහ ඇප ලබා දී ඇතත් නැවතත් එසේ කිරීම එනම් ආර්ජන්ටිනාවට ණය ලබා දීම තිරසාර නොවන බව මූල්‍ය අරමුදල පිළිගෙන ඇත.

ජාත්‍යන්තර මූළ්‍ය අරමුදල විසින් කොරෝනා වසංගතයට මුහුණ දීම සදහා දුරුවල සෞඛ්‍ය පද්ධති ඇති රටවලට හදිස් අරමුදල් ලබා දීමට පියවරගෙන ඇති අතර එහිදී දුප්පත් රටවලට වසර 10ක් දක්වා ශූන්‍ය පොලියට ලැබෙනු ඇති අතර මධ්‍යම ආදායම් ලබන රටවලට වසර 5ක් දක්වා අඩු පොලියක් යටතේ ඩොලර් බිලියන 40ක සංචිතයකට ප්‍රවේශ විය හැකි වේ.

ආර්ජන්ටිනාව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය තිරසාර නොවන බව ප්‍රකාශයට පත් කර ඇති රටවල් මෙන්ම බ්‍රසීලය, චීනය සහ ඉන්දියාව වැනි විශාල නැගී එන වෙළඳපල රටවලට මෙම ආධාර සදහා ප්‍රවේශ වීමට හැකි නොවේ. ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පස් අවධාරනය කළේ වෛරසයේ ආර්ථික හා මානව බලපෑම සීමා කිරීම සඳහා සම්බන්ධීකරණ ක්‍රියාමාර්ගයේ වැදගත්කමයි. සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේ සෞඛ්‍ය සේවා, රෝග නිරීක්‍ෂණය, වෛද්‍ය සැපයුම් සඳහා ප්‍රවේශය සහ ව්‍යාපාර සඳහා කාරක ප්‍රාග්ධනය වැඩි දියුණු කිරීම සඳහා ඩොලර් බිලියන 12 ක ක්ෂණික අරමුදල් සපයන බව ලෝක බැංකුව අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලදී,

කොරෝනා වෛරසය චීනයෙන් පිටත රටවල් 70ක්ට වැඩි ප්‍රමාණයක ව්‍යාප්ත වීමත් සමග මෙතෙක් චීනයේ ආර්ථික පසු බෑම මත පමණක් පුරෝකථනය කර තිබූ ආර්ථික කඩා වැටීමේ ප්‍රතිශතය වැඩි අගයක් දක්වා වෙනස් වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

මේ මගින් ගෝලීය වශයෙන් රාජ්‍ය්‍යන් පුරා අවිනිශ්චිත තාවන් බෙහෙවින් වැඩි වී ඇති අතර ලොව පුරා භාණ්ඩ නිෂ්පාදනය පහත වැටීම, සේවා නියුක්තියේ සිදු වන බිදි වැටීම් වෙළඳ හා සංචාරක් ක්ෂේත්‍රයට ඇති විය හැකි කඩා වැටීම්..තෙල් සහ අනෙකුත් භාණ්ඩ සදහා ඉල්ලුම කප්පාදු කිරීම්, රොගී නොවී වළක්වා ගැනීම සදහා ආයතන විසින් ගන්නා පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග හේතුවෙන් සුද වන බිද වැටීම්.. වැනි තත්ත්වයන් අපේක්ෂා කෙරේ.

ලොව ඉහළම ආර්ථික ආයතනය වන OECD කොරෝනා වෛරසය ආර්ථිකය මත කරන බලපෑම පිළිබදව අනපේක්ෂිත තත්ත්වයක් උදාවෙමින් පවතින බව පෙන්වා දෙයි. ඔවුන් පෙන්වා දෙන්නේ චීනයේ නිෂ්පාදන අංශය පෙබරවාරි මාසයේ වාර්තාගත අවම මට්ටමකට පැමිණ තිබීම ගෝලීය ආර්ථිකයට බලපානු ඇති බවයි.

මේ අතර ලොව පුරා ව්‍යාපාර හා ආයෝජකයින්ගේ විශ්වාසය සුරැකීම නිසා වර්ධන පුනර්ජීවනය සඳහා කටයුතු කරන ප්‍රතිපත්ති සම්පාදකයින්ට අභියෝග ඉදිරිපත් කරමින් ඉන්දියාවේ ආර්ථිකය අඛණ්ඩව පිරිහෙමින් පවතී. ඉන්දීය සංඛ්‍යා ලේඛණ දෙපාර්තුමේන්තුවේ දත්තයන්ට අනුව පෙනී යන්නේ 2019 අවසාන මාස තුන තුළ ඉන්දියාවේ ආර්ථිකය වාර්ෂික පදනමක් මත සංශෝධිත වර්ධන වේගය සියයට 5.1 සිට 4.7 කට බිද වැටෙමින් පවතින බවයි.

ඇමරිකා එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ද වෛරසයේ සීග්‍ර පැතිර යාම සිය රටේ ආර්ථිකය මත බලපානු ඇති බව පිළිගනු ලැබීය. ඇමරිකානු කොටස් වෙළඳ පළ කඩා වැටීම පසුගිය සතියේ ආරම්භ වූ අතර මේ වන විට එම තත්ත්වය ට්‍රම්ප්ට එරෙහි දේශපාලන ප්‍රතිවිරෝධීන්ගේ විරෝධතා මාතෘකාවක්ද වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි