×

අපි විමසිල්ලෙන්! – ඉන්දියාව ලංකාවේ අර්බුදය ගැන පළමු වරට කතා කරයි.

ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය කාර්යපටිපාටියට ගරු කරාවි යැයි බලාපොරොත්තු වෙනවා. - ලංකාවේ අර්බුදය ගැන ඉන්දියාව කියයි.


නාට්‍යමය සිදුවීම් මාලාවක් තුළ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නොවැම්බර් 16 වැනිදා දක්වා පාර්ලිමේන්තුව කල් තැබුවේ, බලයෙන් පහ කළ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් සිය බහුතරය තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුව හදිසියේ කැඳවන්නැයි ඉල්ලීමක් කළ දිනයට පසුවදා ය.

ශ්‍රී ලංකාවේ දේශපාලන නොසන්සුන්තාවය පිළිබඳ ප්‍රථම වරට අදහස් පළ කරමින් ඉන්දියාව අද (28) පැවසුවේ, තමන් දිවයිනේ සිදුවන වෙනස්වීම් දෙස ‘දැඩි සේ විමසිලිමත්ව බලා සිටින බව‘ සහ, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය කාර්යපටිපාටීන් අනුගමනය කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි. ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්, ‘ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී ජනතාව වෙත සංවර්ධනය සඳහා සහයෝගය‘ ලබාදෙන බව ද පවසා තිබේ.

නාට්‍යමය සිදුවීම් මාලාවක් තුළ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නොවැම්බර් 16 වැනිදා දක්වා පාර්ලිමේන්තුව කල් තැබුවේ, බලයෙන් පහ කළ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් සිය බහුතරය තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුව හදිසියේ කැඳවන්නැයි ඉල්ලීමක් කළ දිනයට පසුවදා ය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රටේ නව අගමැතිවරයා ලෙස ආපසු බලයට පැමිණියේ වික්‍රමසිංහ විසින් එම පියවර ‘නීතිවිරෝධී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී‘ යැයි පවා ප්‍රකාශ කර තිබියදී ය.

මෙම අනපේක්ෂිත දේශපාලන වෙනස කරළියට පැමිණියේ ජනපති සිරිසේනගේ එක්සත් ජනතා නිදහස් සන්ධානය (UPFA), තමන් විසින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (UNP) සමග ඇතිකරගත් සන්ධානයෙන් ඉවවත් වන බව ප්‍රකාශ කිරීමත් සමග ය. මෙය, ජනපති සිරිසේනට, රාජපක්ෂ අගමැතිවරයා වශයෙන් පත්කිරීමට මග පෑදුවේ, අර්ධ-ජනාධිපති ක්‍රමයේ ආණ්ඩුවක් අනුගමනය කරන ශ්‍රී ලංකාවේ අගමැති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ව ඉවත් කරමිනි. ජනපති සිරිසේනගේ පක්ෂය සන්ධානයෙන් ඉවත් වන්නේ ඔහු සහ වික්‍රමසිංහ අතර ඇතිවූ ගැටුම් කරළියට පැමිණීමත් සමග ය.

සිය බහුතරය ඔප්පු කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ විසින් මීට පෙර කථානායක කරු ජයසූරියගෙන් හදිසි පාර්ලිමේන්තු සභාවාරයක් ඉල්ලා තිබේ. ‘‘අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන්, පාර්ලිමේන්තුවේ බහුතර සහයෝගය තිබෙන තැනැත්තා අග්‍රාමාත්‍යවරයා බවට පත්වන අතර, මා විසින් එම බහුතර සහයෝගය සනාථ කර තිබෙනවා“ යැයි ඔහු සෙනසුරාදා පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය. ‘‘දෝෂාභියෝගයක් ගෙන ආ විට (මීට පෙර) අපි එය පරාජය කළේ, පාර්ලිමේන්තුවට මා පිළිබඳ විශ්වාසය තිබෙන බව පෙන්වමින්.“

මූලාශ්‍ර පවසන්නේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව නොවැම්බර් 16 වැනිදා දක්වා කල් තබා තිබෙන්නේ රාජපක්ෂ හට පාර්ලිමේන්තුවේ බහුතරය සොයාගැනීමට ඉඩ ලබා දෙමිනි. 2019 වාර්ෂික අයවැය ප්‍රකාශයට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුව නොවැම්බර් 5 වැනිදාට රැස් වීමට මීට පෙර සැලසුම් කර තිබිණි.

තරමක කාලයක් මුළුල්ලේ සිරිසේන සහ වික්‍රමසිංහ අතර ආතතියක් වර්ධනය වී තිබුණේ, අගමැතිවරයා විසින් හඳුන්වා දුන් ඇතැම් ආර්ථික ප්‍රතිසංස්කරණ ජනාධිපතිවරයා විසින් අනුමත නොකළ හෙයිනි. ශ්‍රී ලංකාවේ දීර්ඝ සිවිල් යුද්ධයේදී සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන් සඳහා චෝදනා ලැබූ හමුදා සාමාජිකයන් පිළිබඳ විමර්ශන පැවැත්වීම සම්බන්ධයෙන් ද සිරිසේන ජනපතිවරයා විසින් විවේචන එල්ල කර තිබිණි.

නවදිල්ලි දේශපාලනය සම්බන්ධයෙන් මෙම තත්වය වැඩිදුරටත් සංකීර්ණ කරනු ලැබ තිබෙන්නේ ප්‍රධාන පුද්ගලයන් විසින් ස්වකීය අභිලාෂයන්ට ගැළපෙන පරිදි ශ්‍රී ලංකාවේ දේශපාලනයට ඉන්දියාව ඈඳාගෙන ඇති බැවිනි. සිරිසේන විසින් රෝ සංවිධානය තමන්ව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව මේ මාසයේදී කියා සිටින අතර (පසුව ඔහු මෙය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළේය) තමන්ට 2015 වසරේ අත් වූ පරාජය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ද රෝ සංවිධානයට දෝෂාරෝපණය කළේය. ‘‘අපට ඉන්දියන් සාගරය තුළ වැදගත් අභිලාෂයන් තිබෙන අතර, ඒවා පටන් ගන්නේ ශ්‍රී ලංකාවෙන්. අපට පවතින ආණ්ඩුව සමග ශක්තිමත් – දැඩි සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට අවශ්‍යයි‘‘ යැයි ඉන්දීය මූලාශ්‍ර සඳහන් කරයි.

ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතේ පළ වූ ‘‘Hope democratic values, constitutional process will be respected: India on Sri Lanka crisis‘‘ ලිපියේ සම්පූර්ණ සිංහල පරිවර්තනයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි