×

මාරාන්තික මුහුදු රළ කැලිෆෝනියාවට පහර දේ (video)

බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජීවිතයට තර්ජනයක් විය හැකි තත්වයන් නිසා ජලයෙන් හා වෙරළෙන් ඈත්ව සිටින ලෙසයි.


මාරාන්තික රළ සහ වෙරළබඩ ගංවතුර දින තුනක් පුරා කැලිෆෝනියාවට පහර දී ඇති බව වාර්තා වේ.

දකුණු කැලිෆෝනියාවේ සිට ඔරිගන් දක්වා බටහිර වෙරළ තීරය, මධ්‍යම සහ දකුණු කැලිෆෝනියාවේ වෙරළබඩ ප්‍රදේශ මෙන්ම හර්මෝසා, මෑන්හැටන් සහ පැලෝස් වර්ඩ්ස් පදේශ වලට අඩි 20 ට වඩා උස ප්‍රහාරයන් මෙන්ම ගංවතුර තත්වයන් ඇතිව ඇති අතර පැසිෆික් සාගරයේ සිට ගොඩබිමට ගමන් කරන ප්‍රබල කුණාටු මාලාවක් හේතුවෙන් මෙම තත්වය ඇතිවන බවයි ලොස් ඇන්ජලීස් හි ජාතික කාලගුණ සේවය වාර්තා කරන්නේ,

විශාල රළ පහර හා ගංවතුර තත්වය හේතුවෙන් වෙරළ අයිනේ වීදි, නිවාස සහ ව්‍යාපාර කිහිපයකට හානි සිදුව ඇති අතර රළ පහරට හසු වූ පුද්ගලයන් 20 දෙනෙකු රෝහල්ගත කළ බව බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජීවිතයට තර්ජනයක් විය හැකි තත්වයන් නිසා ජලයෙන් හා වෙරළෙන් ඈත්ව සිටින ලෙසයි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි