×

අක්‍රමවත් ගෝලීය වර්ෂාපතනය කෙරේ මානව ක්‍රියාකාරකම් බලපාන බව නවතම අධ්‍යයනයක් තහවුරු කරයි!

නේචර් ඉන් කොමියුනිකේෂන් සගරාව පසු ගිය අගහරුවාදා පළ කරන ලද කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදු කරන ලද මේ සම්බන්ධ අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ ගෝලීය වර්ෂාපතන රටාව වෙනස් වීම ස්වභාවික සංසිද්ධීන් වලට වඩා මිනිස් ක්‍රියාකාරකම් හේතු වී ඇති බවයි.


ගෝලීය වර්ෂාපතන ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවීමට මෙන්ම ආන්තික වර්ෂාපතන ක්‍රියාකාරකම් වන ගං වතුර , නාය යෑම් ආදී සිදු වීම් සදහා ප්‍රධාන වගකිව යුත්තා මිනිසා බවට විද්‍යාත්මක පර්යේෂණයක් මගින් කරුණු අනාවරණය කර ගෙන ඇත,

මෑත කාලිනව ලොව පුරා සිදු වූ ගං වතුර , නාය යෑම් ආදී සිදුවීම් සදහා හේතු පාදක වූ අධික වර්ෂාපතනය මෙන්ම හිම පතනය හේතු කොටගෙන සිදු වේ. El Niño–Southern Oscillation (ENSO) එනම් නිවර්තක පැසිපික් සාගරය මතුපිට උෂ්ණත්වයේ සහ සුළගේ අක්‍රමවත් ආවර්ථි්‍තා විචල්‍යයන් කෙරෙහි බලපාන මිනිස් ක්‍රියාකාරකම් මෙසේ ගෝලීය වර්ෂාපතන ක්‍රියාවලිය අසුබ දායී කරවන හේතු සාධක වේ.

නේචර් ඉන් කොමියුනිකේෂන් සගරාව පසු ගිය අගහරුවාදා පළ කරන ලද කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදු කරන ලද මේ සම්බන්ධ අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ ගෝලීය වර්ෂාපතන රටාව වෙනස් වීම ස්වභාවික සංසිද්ධීන් වලට වඩා මිනිස් ක්‍රියාකාරකම් හේතු වී ඇති බවයි.

පර්යේෂණ අධ්‍යයනයේදී සිදු කර ඇත්තේ දේශගුණය සදහා මිනිසා විසින් ඇති කරන බලපෑඹ අධික වර්ෂාපතනයට බලපා ඇතිද යන්නයි. වර්ෂාපතනය සම්බන්ධ විවිධ නිරීක්ෂණ වාර්ථා පිළිබද අධ්‍යයනය කරමින් ඒ ඇසුරින් අධික වර්ෂිපතනයට මූලික ලෙසම මිනිස් ක්‍රියාකාරකම් හේතු වී ඇති බවට සාක්ෂි සොයා ගෙන ඇත.

මෙම පර්යේෂණ ලිපියේ ප්‍රධාන පර්යේෂකයා වන ගෙවින් මැද කුඹුර පවසන්නේ මෙම නිරීක්ෂණය ඉදිරියේදී ජල සම්පත කළමනාකරණය කිරීමට සහ දේශගුණික විපර්යාසයන් මත පදනම් වූ වෙනස්වීම් වලට අනුවර්ථනය වීමේ පයවරයන් සැළසුම් කිරීමට ඉඩ සළසනු ඇති බවයි.

මිනිසා විසින් නිර්මාණය කරන දේශ ගුණික විපර්යාසයන් හේතුවෙන් පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යයි. විවිධ යාන්ත්‍රණයන් හෙතුකොටගනිමින් ඉහළ යන උෂ්ණත්වය අධික වර්ෂිපතනයට මග පාදයි. අධික වර්ෂාපනයකට මෙසේ හේතුවන ප්‍රමුඛතම යාන්ත්‍රණය වන්නේ උණ්සුම් වාතය ට වැඩි ජලය ප්‍රමාණයක් රදවා තබා ගත හැකි වීමේ යාන්ත්‍රණයයි. එය කුණාටු වලට මග පාදයි.

කලාපීය වෙනස්කම් පවතින අතරේ ලෝකයේ ඇතැම් ප්‍රදේශ වියළී ගොස් ඇත. කාලගුණ විද්‍යාඥයින්ගේ දත්ත වලට අනුව ගෝලීය වශයෙන් සමස්ත වර්ෂාපතනය ඉහළ යමින් පවතී. සාමාන්‍ය වරෂාපතන රටාව මෙසේ වෙනස් වීම මෙන්ම වැසි ලැබෙන දින ගණන ඉතා දීර්ඝ වීම මෙන්ම තීව්‍ර වර්ෂාපතනය ගංවතුර තත්ත්වයන් ඇති කරවන අතර එය රටවල යටිතල පහසුකම් පද්ධතියට මෙන්ම පරිසරය කෙරෙහි විශාල බලපෑම් ඇති කරයි.

පූර්ව කාර්මික අවධීන් හා සසදන විට අද වන විට ගෝලිය උෂ්ණත්වයේ වැඩිවීමක් පවතින බව පෙන්වා දෙන මෙම අධ්‍යයනයට දායක වූ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඣ්‍යොෂ්ඨ පර්යේෂිකා ආචාර්ය සිහාන් ලී පවසන්නේ “උෂ්ණත්වය ඉහළ යාම අඛණ්ඩව සිදුවුවහොත්, අපට අධික වර්ෂාපතනයේ තීව්‍ර අවස්ථාවන්ද පමණක් නොව අධික නියඟ සිදුවීම් ද ලැබෙනු ඇත.” යන්නයි.
මෙම පර්යේෂණ සදහා යොදා ගත් machine-learning method පර්යේෂණ ක්‍රමවේදය යොදා ගනිමින් සිදු කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි