×

උතුරු කොරියාවේ මළ මිනිසුන් ජපානයේදී දොඩමළු වෙලා? 

උතුරු කොරියාව මේ පිළිබඳ සෘජු ප්‍රතිචාරයක් මේ වන විට දක්වා නොමැත.


ජපානයේ දූපත් වෙරළ තීරයකට ගොඩ ගැසූ බෝට්ටුවක තිබී පුද්ගල මළ සිරුරු කොටස් හමුවී තිබේ.

ඒ පසුගිය සෙනසුරාදා (27) දිනයේදී ය.

දැවින් නිපදවූ බෝට්ටුවක තිබී හමුවූ මෙම මළ සිරුරු කොටස් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකුට වත් අයත් යැයි පොලිසිය පවසයි.

වෙරළාරක්ෂක භටයකු පවසා තිබූ අන්දමට අදාල බෝට්ටුව ජපානයේ සාඩෝ දූවේ වෙරළ තීරයට ගොඩගසා ඇත්තේ එරට වේලාවෙන් පෙ.ව. 9.30 (0030 GMT) වන අතර, එය උතුරු කොරියාවට අයත් යැයි සැක පහළ කරයි.

මළ සිරුරු කොටස් අතර හිස කොටස් 2ක් හා සිරුරු 5ක් හඳුනා ගෙන තිබේ.

අදාල සිරුරු කොටස් සම්බන්ධව විමර්ශන දියත් වෙමින් පවතී.

අදාල දැවමය බෝට්ටුවේ කොරියානු බසින් අකුරු සහ ඉලක්කම් සඳහන් ව තිබූ බවට වෙරළාරක්ෂක නිලධාරීයා වැඩිදුරටත් පැවසීය.

මෙකී බෝට්ටුව ඊට දිනකට පෙර පොලිසිය විසින් පාවී එන අයුරු නිරීක්ෂණය කොට තිබූ අතර, අහිතකර කාලගුණික තත්ත්ව මත එය ගොඩගැනීමට හැකිව තිබෙන්නේ ඊයේ දිනයේදී ය.

වෙරළාරක්ෂක නිලධාරියා පවසන අන්දමට සාඩෝ දූපතට මෙසේ ගොඩගැසූ දෙවන බෝට්ටුව මෙය වෙයි.

කෙසේ වෙතත්, උතුරු කොරියාව මේ පිළිබඳ සෘජු ප්‍රතිචාරයක් මේ වන විට දක්වා නොමැත.

උතුරු කොරියාවේ ආතතිකාරී හා ආන්දෝලනාත්මක න්‍යෂ්ටික අත්හදා බැලීම් හමුවේ ජපානය හා දකුණු කොරියාව යන රාජ්‍යයන් දෙකම සිය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීමට අරගල කරමින් සිටී.

එකී තත්ත්වය තුළ මෙම මළසිරුරු කොටස් රැගත් බෝට්ටුවේ සුලමුල හඳුනා ගැනීම සඳහා උතුරු කොරියාවේ සහයෝගය ලබා ගැනීම අසීරු වනු ඇති බවට නිගමනය කළ හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි