×

නව වාර්තා පිහිටුවමින් උෂ්ණත්වය දිනෙන් දින ඉහල යයි

ලොව උණුසුම්ම මාසය අප්‍රේල්...


සටහන: සශිකලා මධුෂාණි,මැයි 08,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ); දේශගුණික විපර්යාස පිළිබඳ බලයලත් අන්තර් රාජ්‍ය මණ්ඩලයට (IPCC) සම්බන්ධ ලෝකයේ ප්‍රමුඛ දේශගුණ විද්‍යාඥයන් සිය ගණනක් අපේක්ෂා කරන්නේ මෙම සියවසේදී ගෝලීය උෂ්ණත්වය අවම වශයෙන් 2.5C (4.5F) දක්වා පූර්ව කාර්මික මට්ටමට වඩා ඉහළ යනු ඇති බවයි.

බොහෝ විද්‍යාඥයින් සාගත, ගැටුම් සහ මහා සංක්‍රමණය, තාප තරංග, ලැව්ගිනි, ගංවතුර සහ කුණාටු මගින් මනුෂ්‍යත්වයට සහ ග්‍රහලෝකයට ව්‍යසනකාරී ප්‍රතිවිපාක ඇති කරණු ඇති බව විශ්වාස කරන අතර පැහැදිලි විද්‍යාත්මක සාක්ෂි සපයා තිබියදීත් රජයන් ක්‍රියා කිරීමට අපොහොසත් වීම නිසා ඔවුන් බලාපොරොත්තු රහිත, කෝපයට සහ බියට පත් වී ඇති බව බොහෝ ප්‍රවීණයන් සඳහන් කරයි.

මේ වන විට ලොව උණුසුම්ම මාසය ගෙවුණු අප්‍රේල් වාර්තාගත ලෙස අත්විඳ ඇති අතර, මාස 11 ක පෙර නොවූ විරූ අධික උෂ්ණත්වයක් අඛණ්ඩව පවතින බව යුරෝපා සංගමයේ දේශගුණික විපර්යාස අධීක්ෂණ සේවාව පවසයි.

අප්‍රේල් මාසය ලොව පුරා, ගංවතුර සහ නියඟ ඇති කළ අතර බංගලිදේශයේ සිට වියට්නාමය දක්වා දකුණු සහ අග්නිදිග ආසියාවේ සමහර කොටස් දැඩි උෂ්ණ තරංගවලට මුහුණ දෙන විට දකුණු බ්‍රසීලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නැගෙනහිර අප්‍රිකානු රටවල් වන කෙන්යාව සහ ටැන්සානියාව මාරාන්තික ගංවතුරෙන් පිඩා විඳිනු ලැබිය.

එමෙන්ම යුරෝපයේ සමහර ප්‍රදේශයන් හා පකිස්ථානය අප්‍රේල් මාසයේදී සාමාන්‍ය මාසික වර්ෂාපතනය මෙන් දෙගුණයක් වාර්තා කළ අතර එය වසර 60 කට වැඩි කාලයක් තුළ රටේ තෙත්ම මාසය බවට පත් විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි