×

හංගේරියාවේ ජනාධිපතිනිය ඉල්ලා අස්වේ.

ජනාධිපතිනිය රුපවාහිනියේ පෙනී සිටිමින් තමා වරදක් කළ බවත්, ඒ වෙනුවෙන් සමාව අපේක්ෂා කරමින් ඉල්ලා අස් වී ඇත.


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 11,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ළමා අපයෝජන සිද්ධියක් වසන් කිරීමේ වරදට වරදකරු වූ පුද්ගලයෙකුට සමාව දීමට ගත් තීරණය සම්බන්ධයෙන් හංගේරියාවේ ජනාධිපතිනිය Katalin Novak ඉල්ලා ඇස වී ඇති බව වාර්තා වේ.

රජය විසින් පවත්වාගෙන යනු ලබන ළමා නිවාසයක අධ්‍යක්ෂවරයෙකු ලිංගික අපයෝජන හිමිකම් ඉල්ලා අස්කර ගන්නා ලෙස ළමයින්ට බල කිරීම සම්බන්ධයෙන් වසර තුනක් සිරගත කරන ලද පුද්ගලයෙකුට, ජනාධිපති Katalin Novak සමාව ලබා දී ඇති බව පසුගිය සතියේ අනාවරණය වීමත් සමඟ ඇයට ඉල්ලා අස්වන ලෙස හංගේරියාවේ විරෝධතාවයන් ඇති විය.

ජනාධිපතිනිය රුපවාහිනියේ පෙනී සිටිමින් තමා වරදක් කළ බවත්, ඒ වෙනුවෙන් සමාව අපේක්ෂා කරමින් ඉල්ලා අස් වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි