×

BERYL මෙක්සිකෝ බොක්ක දෙසට!

බෙරිල් සුළි කුණාටුව ඉදිරි දිනවලදී කැරිබියන් දූපත් වල සිට මෙක්සිකෝ බොක්ක දෙසට ගමන් කරමින් 3 වැනි කාණ්ඩයේ කුණාටුවක් දක්වා වර්ධනය වීමේ ඉඩකඩක් පවතින බව කාළගුණ අංශ අනතුරු අඟවයි.


සටහන – රෂිකා හෙන්නායක ජුනි 30 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

බෙරිල් සුළි කුණාටුව ඉදිරි දිනවලදී කැරිබියන් දූපත් වල සිට මෙක්සිකෝ බොක්ක දෙසට ගමන් කරමින් 3 වැනි කාණ්ඩයේ කුණාටුවක් දක්වා වර්ධනය වීමේ ඉඩකඩක් පවතින බව කාළගුණ අංශ අනතුරු අඟවයි.

බෙරිල් සුළි කුණාටුව කැරිබියන් දූපත් වන බාබඩෝස්, ඩොමිනිකා, ග්‍රෙනාඩා හා මාර්ටිනික් වෙත අද පස්වරුවේ ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය අනාවැකි පළ කරන්නේ කුණාටුව බාබඩෝස් දූපත් වලට බටහිරින් පිහිටි වින්ඩ්වර්ඩ් දූපත් වෙත ළඟා වන විට එය තවත් ප්‍රචණ්ඩ වනු ඇති බවයි.

බෙරිල් කුණාටුව වර්ධනය වුමේ පසුගිය 20 වන දා සිට වන අතර, එය ඊසානදිග මෙක්සිකෝව හරහා හමාගිය ඇල්බර්ටෝ නිවර්තන කුණාටුවෙන් පසුව මෙම කලාපයට බලපෑ දෙවන  කුණාටුව වේ. ඇල්බර්ටෝ කුණාටුවෙන් ඇතිවූ අධික වර්ෂාවෙන් පුද්ගලයන් හතර දෙනෙකු මිය ගිය බවටද වාර්තා විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි