×

බිහිසුණු බෙරිල් සුළි කුණාටුව කැරිබියන් දූපත් වලට කඩා වදියි

මෙය අත්ලාන්තික් සාගරයේ අසාමාන්‍ය ලෙස ක්‍රියාකාරී වූ සුළි කුණාටුවක්


සටහන : සශිකලා මධුෂාණි
ජුලි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බෙරිල් සුළි කුණාටුව ගිනිකොන දිග කැරිබියානු ප්‍රදේශයට 4 වන කාණ්ඩයේ ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ඇතුළු වී ඇති බව වාර්තා වන අතර මේ හේතුවෙන් විනාශකාරී ගංවතුර තත්වයක් පවා ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.

එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය ඊයේ(01) දිනයේදී නිවේදනය කර තිබුණේ, මෙය අතිශයින්ම භයානක සහ ජීවිතයට තර්ජනයක් වන තත්වයක් වන බවත් ජීවිතය ආරක්ෂා කර ගැනීමට දැන්ම පියවර ගන්නා ලෙසත්ය. මධ්‍යස්ථානයට අනුව, ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස් සහ ග්‍රෙනාඩාව වඩාත් අවදානමට ලක්ව ඇති බවයි.

ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස් හි අවම වශයෙන් එක් මරණයක්වත් වාර්තා වී ඇති අතර නිවාස සහ ගොඩනැගිලි සිය ගණනකට හානි සිදුවී ඇති බවත් සුළි කුණාටුව තවදුරටත් මාරාන්තික විය හැකි බවත් අගමැති රැල්ෆ් ගොන්සාල්ව්ස් සඳහන් කර තිබේ.

බෙරිල්ගේ අසාමාන්‍ය වර්ධනය සම්බන්ධයෙන් අනතුරු අඟවමින් විද්‍යාඥයන් සඳහන් කර තිබුණේ, මෙය අත්ලාන්තික් සාගරයේ අසාමාන්‍ය ලෙස ක්‍රියාකාරී වූ සුළි කුණාටුවක් බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි