×

ෆ්ලෝරන්ස් කුණාටුවෙන් අවම වශයෙන් 5 ක් මරුට

ඊයේ ඇමරිකාවේ උතුරු, දකුණු කැරොලිනා ජනපදවලට සහ වර්ජිනියා ජනපදයට කඩා වැදුණු ෆ්ලොරන්ස් හරිකේන් කුණාටුව නිසා අවම වශයෙන් පුද්ගලයන් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ.


මුල්ම මරණ දෙක වශයෙන් වාර්තා වූයේ උතුරු කැරොලිනාවේ විල්මින්ටන් හි මවක් සහ ඇගේ දරුවා ය. ඔවුන් පදිංචි ව සිටි නිවස මතට ගසක් කඩා වැටීම නිසා මෙය සිදුවී තිබිණි. පියා ද සිද්ධියෙන් තුවාළ ලැබූ නමුත් දිවි බේරාගත්තේය.  Hurricane Florance

විල්මින්ටන් හිදී ෆ්ලෝරන්ස් හරිකේන් කුණාටුවේ වේගය පැයට කි.මී.169 ක් වූ බව සඳහන් ය.

පසුව ජෙනරේටරයක් විදුලි පේනුවකට සවි කරමින් සිටි පුද්ගලයෙක් ද මරණයට පත් වූ බව වාර්තා විය. තවත් කාන්තාවක් මරණයට පත් ව තිබෙන්නේ කුණාටුව හේතුවෙන් තුවාළ ලබා රෝහල වෙත ගෙන යන අතරවාරයේ හෘදයාබාධයක් වැළඳීම නිසා ය.

මුලින් පළමු ගණයේ හරිකේන් කුණාටුවක් ලෙස ඇමරිකාවට කඩා වැදුණු මෙය, පැය 4 ක කාලයක් ඇතුළත කලාපීය සුළි සුළඟක් බවට වේගය බාල විය. කෙසේ නමුත් මෙහි බලපෑම නිසා සති අන්තය පුරාම දැඩි වර්ෂාවක් අපේක්ෂිත ය.

ඇතැම් ස්ථානවලදී කුණාටුව, අඩි 10ක් තරම් උසට නැගුණු බව ද වාර්තා වේ. උතුරු කැරොලිනාවේ නෙයුස් ගංගාව කුණාටුව හේතුවෙන් පිටාර ගැලුවේය. කුණාටු තත්වය පහව ගිය ද, මිරිදිය වේගයෙන් ගලා ඒම නිසා දැඩි ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවට ද අනතුරු අඟවා ඇත.

ලක්ෂ අටකට ආසන්න විදුලිය බිඳ වැටීම් සංඛ්‍යාවක් ෆ්ලොරන්ස් හේතුවෙන් වාර්තා විය.

ජීවිත හානි මෙපමණ අඩු වීමට හේතුව ලෙස සැලකෙන්නේ මෙම ස්වභාවික විපත සඳහා කල් තබා සූදානම් වී සිටීමයි. මිලියනයකට ආසන්න පිරිසක් කුණාටුව කඩා වැදීමට පෙර ආරක්ෂිත ස්ථාන කරා යවා තිබිණි. උතුරු කැරොලිනාවේ අවතැන් වූ සංඛ්‍යාව 12000 ක් බව කියැවේ.

ඉදිරි පැය 48 ක පමණ කාලයක් යන තෙක් අවදානම පහව නොයන බවට ද අනතුරු අඟවා තිබේ.

පෙර ලිපිය:

‘ඔබට ලබාදුන් කාලය අවසන්’ – ෆ්ලොරන්ස් හරිකේන් කුණාටුව ඇමරිකාව පිසදා හැමීම ඇරඹෙයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි