×

‘කැට්‍රිනා‘ටත් වඩා දරුණු ‘අයිඩා‘ ට බියෙන් දහස් සංඛ්‍යාත ඇමරිකානුවෝ පළා යති

අද දින සන්ධ්‍යාවේ අයිඩා හරිකේන් සුළි කුණාටුව ගල්ෆ් මුහුදු තීරයෙන් ලුසියානා ජනපදයට කඩා වැදීමට නියමිත ය.


4 වන කාණ්ඩයේ සුළිකුණාාටුවක් වන මෙහි වේගය පැයට කිලෝමීටර 209 ක් දක්වා වේ. කෙසේ නමුත් ගොඩබිමට සමග ගැටෙන අවස්ථාව වන විට මෙහි වේගය තවදුරටත් ඉහළ ගොස් තිබීමේ අවදානමක් ඇත.

ඒ අනුව 2005 වසරේදී පුරා දින 8 ක් හැමූ, ජීවිත හානි 1,833 ක් සිදුකළ කැට්‍රිනා සුළි කුණාටුවට ද වඩා මෙය දරුණු එකක් වීමේ සම්භාවිතාවක් පවතින බව වාර්තා වේ. කෙසේ නමුත් කැට්‍රිනා, 5 වන කාණ්ඩයට අයත් හරිකේන් කුණාටුවක් වු අතර පොළොවට කඩා වදින අවස්ථාවේදී එහි වේගය පැයට කිලෝමීටර 280 ක් විය.

වසර 150 ක ඉතිහාසය තුළ ලුයිසියානා ජනපදය මුහුණ දෙන දරුණුතම සුළි කුණාටුව ලෙස අයිඩා සැලකේ.

ලුයිසියානා ජනපද වැසියන් මේ වන විට දහස් ගණනින් ආරක්ෂිත ස්ථාන කරා පළා යමින් සිටින අතර, ලුයිසියානා ජනපදයට නුදුරු මිසිසිපි ජනපදය තුළ ද මේ වන විට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

‘හරිකේන් අයිඩා‘ මේ වන විට වියරුවෙන් පාවෙන්නේ මිසිසිපි ගඟට ඉහළිනි.

මීට පෙර කියුබාව සහ ජැමෙයිකාව පසු කර ආවත් ගස් සහ මංමාවත් ගළවා දැමීම හැරුණු විට ජීවිත හානි කිසිවක් වාර්තා නොවීය. නමුත් ලුයිසිනායා ජනපදය වෙත කඩා වදින විට තත්වය වෙනස් වී තිබීමට ඉඩ ඇති බව කාලගුණික විද්‍යාඥයන්ගේ අනාවැකියයි.

පහත රූප සටහනෙන් දැක්වෙන්නේ හරිකේන් කුණාටු ඒවායේ වේගය අනුව වර්ගීකරණය කරන ආකාරයයි.

දේශගුණික විපර්යාස මෙවැනි සුළි කුණාටු සම්බන්ධයෙන් ඇති කරන සෘජු බලපෑම තවමත් තහවුරු වී නැත. නමුත් සාගර ජලතලය උණුසුම් වීම සහ එමගින්, ජල තලයට ඉහළින් පිහිටන වායුගෝලය උණුසුම් වී වාෂ්පීභවනය වේගවත් වීමත් සමග අඩුපීඩන වායු කලාප ඇති වීමේ ඉහළ අවදානමක් පවතියි.

එහි ප්‍රතිඵලයක් ලෙසට අධික වේගයෙන් හමා යන සුළංවලට අමතරව අධිකතර වර්ෂාපතනය, ගංවතුර සහ නායයාම් ඇති වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි