×

මම හැමවිටම ඔබ දෙස බලා සිටිමි

ජීවිතයට චිකන් සුප්


නත්තල් දිනයේදී සියලු සමීප ඥාති සබඳතාවයන්ගේ සන්තුෂ්ටීන් අපේ දෙමාපින්ගේ නිවස කේන්ද්‍රකරගෙන විහිදෙන්නට පටන් ගනියි. පිළිස්සුණු කළුකුම් මස්-දකුණේ පිසූ හැම් සහ නිවසේ සෑදූ පාන්වල සුවඳ වා තලයේ පැතිරේ. ළදරුවන් ගැටවරයන් දෙමාපියන් හා ආච්චි සීයා වෙනුවෙන් සෑම තැනකම මේස පුටු පිළියෙළ වේ. සෑම කාමරයක් ම ළගන්නාසුලූ ලෙස සැරසිලි කෙරේ. අපේ දෙමාපියන් සමග ගත කරන නත්තල් දිනයේදී කිසිවෙකු අමතක කෙරෙන්නේ නැත.

මේ වසරේ පමණක් එය වෙනස් විය. අපේ පියා නොවැම්බර් විසිහය වෙනිදා ජීවිතයෙන් සමුගෙන ගියෙන් මේ ඔහු නොමැති ව සැමරෙන පළමු නත්තල විය. ඔහුගේ වැන්දඹුව වශයෙන් මගේ මව හැකි උපරිමය කිරීම ට වෙහෙස වූ නමුත් එය ඇය ට විශේෂයෙන් ම අසීරු වූ බව මට කිව හැක. මගේ උගුරේ යමක් සිරවනු දැනේ. සැලසුම් කළ නත්තල් තෑග්ග ඇය ට මා දිය යුතු ද? පියාගේ අඩුව එය විසින් අවතක්සේරු කිරීමක් සිදුවේවිද…?

මාස කිහිපයකට පෙර දෙමාපියන්ගේ පින්තූර දෙකක් අවසාන හැඩගැන්වීම පිණිස පින්තාරු කරමින් සිටියෙමි. ඒවා නත්තල් තෑගි වශයෙන් පිරිනැමීමට මා සැලසුම් කර තිබිණ. මා චිත‍්‍ර කර්මය ඉගෙනනොගත් නිසා සහ ඒ සඳහා බරපතළ ලෙස උත්සාහ නොකළ නිසා එය සැමට ම අරුමයක් වනු ඇත. තවද පින්තූර ඔවුන් දෙදෙනා සේම පෙනෙයි. නමුත් තවමත් මම මගේ චිත‍්‍ර හැකියාව ගැන සැක කරමි.

වරක් චිත‍්‍ර පින්තාරු කරමින් සිිටින අතරතුර දොර සීනුව හැඬවෙනු දැක පුදුම වීමි. සියලූ චිත‍්‍රකර්ම උපකරණ නොපෙනෙන ලෙස හංගා මම දොර ඇරියෙමි. පුදුමයකි. මගේ මව සමග මිස කිසිවිටෙක නොපැමිණෙන මගේ පියා එවර මා බැලීම ට තනිව පැමිණ සිටියේය. ඔහු සිනාසෙමින් මෙසේ කීය. ”අද උදේ කතා කරකර ඉඳිද්දී මට ඔයා මතක් වුණා… දන්නව නේද…? ඔයා ගෙදරින් යන්න කලින් අපි ඒ විදිහට කතා කරමින් ඉඳල තියෙනවා. උදෑසන කතා බහ…”

මා විවාහ වී බොහෝ කල් ගත ව නොතිබිණි. තවද පවුලේ එකම දියණියද ළදැරිය ද මම වීමි.

එකවරම පින්තූර ඔහු ට පෙන්වීම ට මට සිත්වුවද ඔහුගේ නත්තල් අරුමය සුණුවිසුණු කිරීමට මම පසුබෑවෙමි. නමුත් ඒ මොහොත ඒ මොහොත ඔහුත් සමග බෙදාගැනීමට යමක් විසින් මට බල කළේය. කිිසිවෙකු ට නොකියන බව ට දිවුරුවා ගැනීමෙන් පසු පින්තුර ද්විත්වය ඇඳ මත අතුරන තෙක් දෑස් පියාගන්නැයි මම ඔහුට බල කළෙමි. ”හොඳයි ඩැඞී… දැන් ඔයා ට බලන්න පුළුවන්.”

ඔහු වික්ෂිප්ත ව ඇති බවක් පෙනුණද කිසිවක් නොකීය. නැගී සිට හොඳින් පරීක්ෂා කර බැලීම සඳහා ඒවා සමීපයට ආවේය. ඊළ`ගට තවත් හොඳින් බලනු පිණිස පින්තූරය මදක් දෑතට ගෙන බැලීය. මගේ බඩ ද`ගලනු මට දැනෙනවා සේය. අවසානයේ එක් කම්මුලක් දිගේ රූරා වැටෙන කඳුලක් සහිත ව ඔහු ”මම මේක විශ්වාස කරන්නෙ නෑ.. ඒ ඇස් ඇත්තම වගේ… බලන්න… ඔයාගෙ අම්මා කොයිතරම් ලස්සන ද කියලා… ඔයා මට මේක රාමු කරල දෙනව නේද…?”

ඔහුගේ ප‍්‍රතිචාරයෙන් උද්දාමයට පත් මම ඊළ`ග දිනයේ පින්තූර රාමු කරන සාප්පුව ට ඒවා ස්වෙච්ඡුාවෙන් ම ගෙන ගියෙමි. සති කිහිපයක් ගෙවී ගියේය. නොවැම්බරයේ එක් රාත‍්‍රියක දුරකථනය නාද වන විට මගේ සිරුර සීතල වෙව්ලීමකින් වෙළී ගියේය. සැමියාගේ කටහඬ බලාපොරොත්තුවෙන් රිසිවරය අතට ගත් විය වෛද්‍යවරයෙක් මෙසේ කීය. ”මම ඉන්නෙ හදිසි අනතුරු ඒකකයෙ… ඔබේ පියා ට ආඝාතය වැළඳුණා… එය බරපතළයි. නමුත් ඔහු තවමත් ජීවතුන් අතර”

පියා දින කිහිපයක් කෝමා තත්වයෙන් කල්ගත කළේය. මිය යාමට පෙර දිනයේ ඔහුව බැලීම ට රෝහලට ගිය මම ඔහුගේ අතක් තුළින් මගේ අත හොවා මෙසේ ඇසුවෙමි. ”මම කවුද කියල ඔයා දන්නවද ඩැඩී…?”

එවිට ඔහු මෙසේ කොඳුරමින් සියල්ලන් ම විස්මයට පත් කළේය. ”ඔයා මගෙ ආදරණීය දුව..”

ඊළඟ දිනයේ ඔහු මිය ගිය විට මගේත් මවගේත් ජීවිතවල සියලූ සතුට වියළී ගියා සේ පෙනිණි.

පින්තූරය රාමු කිරීම පිළිබඳ ඉල්ලීම අවසානයේ මට සිහිපත් වූ විට මිය යාමට ප‍්‍රථම එම පින්තූරය දැකීම පිණිස ඔහු ට අවස්ථාවක් ලබාදීම වෙනුවෙන් මම දෙවියන් ට ස්තූතිවන්ත වීමි. සාප්පුවට ගිය මම පුදුමයට පත්වීමි. පියා අසනීප වීම ට පෙර සාප්පුවට පැමිණ තිබූ අතර රාමුව සඳහා මුදල් ගෙවා එය තෑග්ගක් සේ හොඳින් ඔතා තිබිණි. කණස්සල්ලේ ගිලීහුන් මම එය මවට ත්‍යාග කිරීම ට සැලසුම් නොකළෙමි.

පවුලේ කුලදෙටුවා අහිමි වී සිටියද නත්තල් දිනයේ අපි සැවොම එක්වී ප‍්‍රීතියෙන් සිටීමට උත්සාහ ගතිමු. නමුත් මවගේ දුක්බර දෑස හා සිනහවක් නොමැති මුහුණ දුටු මම පියාගේත් මගේත් ත්‍යාගය ඇය ට පිරිනැමීම ට තීරණය කළෙමි. පෙට්ටියෙන් කඩදාසි පාර්සලය ගෙන එය ලිහන විට ඇගේ හදවත ඈ ළ`ග නොමැති බැව් මට පෙනිණී. පින්තූරවලට ඈඳා කුඩා කාඞ්පතක් විය.

පින්තූර සහ කාඞ්පත කියවීමෙන් පසු ඇගේ සම්පූර්ණ මනෝභාවය ම වෙනස් විය. අසුනෙන් වහා නැගී සිට කාඞ්පත මා අතට දී ගිනි උඳුන ට ඉහළින් මුහුණ ට මුුහුණ බලා ගෙන සිටින ලෙස පින්තූර ද්විත්වය සවි කරන්නැයි සොහොයුරන් ට කීවාය. එසේ කළ විට ඈ පිටුපස ට ඇවිද ගොස් බොහෝ වේලාවක් යන තෙක් එදෙස බලාසිටියාය. ඉන්පසු දිදුළන-කඳුලූ පිරුණු ඇස්වලින් හා පුළුල් සිනහවකින් යුතුව ක්ෂණිකව හැරී මෙසේ කීවාය. ”ඩැඞී මේ නත්තල් දවසෙ අපි ළ`ග ඉන්නව කියල මම දැනගෙන හිටියා.”

කාඞ්පත දිගහැරි විට මම එහි පියාගේ අත්අකුරු දිටිමි. ”මා මෙතරම් වාසනාවන්ත මන්ද කියා දියණිය මට සිහිකර දුන්නාය. මම හැමවිටම ඔබ දෙස බලා සිටිමි.”

– සාරා ඒ. රිවර්ස් ගේ අත්දැකීමකි
– චිකන් සුප් ඇසුරෙන්.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි