×

I want to break free – ආදරයට පාටක් නැත…ලිංග භේදයක් නැත…

මිනිසා අන් සතුන් අභිබවා යන්නේ ආදරය, කරුණාව, බැඳීම යන සිත හා බැඳුනු සංකල්ප නිසාවෙනි. එහිදී වර්ණ භේදයක් ලිංග භේදයක් උවමනාම නැත.


ආදරය…அன்பு…Love…Amor…حب…爱…කෙසේ කීවත්…කුමන බසින් කීවත් අරුත එකමය. දැනෙන දේ හැඟෙන දේ එකමය. ආදරයට ජාති, කුල-මල,ආගම් භේදයක් නැත. කොටින්ම කිවහොත් ලිංග භේදයක්ද නැත. ස්ත්‍රියක පුරුෂයෙකුට වේවා..පුරුෂයෙකු ස්ත්‍රියකට වේවා..ස්ත්‍රියක ස්ත්‍රියකට වේවා..පුරුෂයෙකු පුරුෂයෙකුට වේවා..බැඳීම නම් එකමැයි. එය හදවත් අතර ගනුදෙනුවකි. එය මූලික මිනිස් අයිතිවාසිකමකි. දියුණු ලෝකයක් එය ඉස මුදුනින් පිලි ගනිද්දී බෘනායි වැනි රාජ්‍ය ගමන් කරන්නේ කොතැනටදැයි නොතේරේ. මහා දිල්ලි සුල්තානයේ අදිරජු වූ අලවුදීන් කිල්ජි පවා සමරිසි ආදරවන්තයෙකි. සුන්නි මුස්ලිමය මහා ඉහලින් ඇදහුවත් සමරිසි බව අලවුදීන් කිල්ජිට නම් ගැටළුවක් නොවුණි.සොබා දහමේ නිර්මාණයන්ට අදාළ පොදු නීති සමුදායක් ඇත.පරපුර පවත්වාගෙන යනු පිණිස සංසර්ගයේ යෙදීම ඉන් එකකි. එය මිනිසා පමණක් නොව සත්ත්ව ප්‍රජාවටම පොදු වූවකි. මිනිසා අන් සතුන් අභිබවා යන්නේ ආදරය, කරුණාව, බැඳීම යන සිත හා බැඳුනු සංකල්ප නිසාවෙනි. එහිදී වර්ණ භේදයක් ලිංග භේදයක් උවමනාම නැත.

70-80 දශකයන්හි බටහිර සංගීත ලෝකය කැළඹු සංගීත කණ්ඩායම් අතර බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායමක් වන Queen මුල් තැනක් ගනී. මූලිකවම  Freddie Mercury, Brian May, Roger Taylor සහ John Deacon එකතුවෙන් බිහිවුණු Queen තබා ගිය ගී මතකයන් අතර We will Rock you, We are the champions, Another one bites the dust, I want to break free, Bohemian Rhapsody සදාකාලික නිර්මාණ වේ.  විශේෂයෙන්ම කණ්ඩායමේ මුල් පෙළ ගායකයා වූ ෆ්‍රෙඩී මර්කරි සංගීත ලෝකය නම් අඹරේ සදා දිදුළන තරු කැටයක් ලෙස හැඳින්විය හැකිය.


(The Works – Queen Album 1984)

EMI සංගීත ලේබලය යටතේ බ්‍රිතාන්‍යයේ නිකුත් වූ Queen සංගීත කණ්ඩායමේ 11 වන ගීත ඇල්බමය ලෙස The Works 1984 පෙබරවාරි 27 දින නිකුත් විය. ගීත 8කින් සමන්විත වූ මෙහි B කොටසේ දෙවන ගීතය වුයේ I want to break freeය. කණ්ඩායමේ බේස් ගිටාර් ශිල්පියා වූ John Deacon රචනා කරන ලද මෙම ගීය තරමක් ආන්දෝලනාත්මක එකක් ලෙස ඒ යුගයේදී සැලකුණි. යුරෝපයේ සහ දකුණු ඇමරිකාවේ ඉහල පිළිගැනීමක් ලද හණමිටි සම්මතයට එරෙහිව ගිය, මර්ධනයට එරෙහිව නැගී සිටීමක් ලෙස සැලකුණු මෙම ගීතය සමරිසි ප්‍රජාවේ ජයගීයක්(Anthem) ලෙස සැලකුණි. සිය හඬින් මෙම ගීයට ඉහලම ජීවයක්, ඉහලම සාදාරණයක් දුන් ෆ්‍රෙඩී මර්කරිගේ පෞද්ගලික ජීවිතයේ සිදුවීම්ද මීට බලපෑවා වනන්ට පුළුවන. මෙම ගීයේ වීඩියෝ රචනාවද වෙනස් ආරක එකක් විය. කණ්ඩායමේ සාමාජිකයින් කාන්තා ඇඳුම් වලින් සැරසී සිටීම විශේෂ විය. ඇමෙරිකා එක්සත් ජනපදය තුල ගීයට විවිධ වාරණ පැනවුනි. ගීයේ පද රචනාව හා වීඩියෝ රචනාව තුල අන්තර්ගත සමරිසි-ද්වීරිසි මෙන්ම transvestism(විරුද්ධ ලිංගික ලෙස සැරසීම) මීට බලපෑවේය. නමුත් බ්‍රිතාන්‍යයේ, අනිකුත් යුරෝපා රටවල මෙන්ම බොහෝ ලතින් ඇමෙරිකානු රටවල ගී දර්ශකවල පළමු ස්ථාන 10 අතරේ රැඳීමට I want to break free සමත් විය.

1946 දී සැන්සිබාරයේ උපන් Farrokh Bulsara නැතිනම් ෆ්‍රෙඩී මර්කරි සම්මානනීය ගායකයෙකු, ගීත රචකයෙකු සහ සංගීතඥයෙකු විය. සියල්ලටම වඩා පැපරාසින්ගෙන් පීඩා විඳි ද්වීරිසි තරුවක් විය. කලක් සිය පෙම්වතිය මෙන්ම මිය යන තෙක්ම හොඳම මිතුරිය වූ Mary Austin මෙන්ම මර්කරිගේ කළමනාකරු වූ Jim Hutton ඔහුගේ ජීවිතය නමැති කාසියේ දෙපස විය. ඔහු 1991 නොවැම්බර් 24 දින ඒඩ්ස් රෝගය නිසා වයස අවුරුදු 45දී අකල්හි දිවියෙන් සමුගන්නා තෙක්ම එය එසේ විය.

ඔහු සංගීත ලෝකයේ තබා ගිය සලකුණ නම් කිසිදින ප්‍රතිස්ථාපනය කළ හැක්කක් නම් නොවේ. 2018 නිකුත් වූ Bohemian Rhapsody චිත්‍රපටයේ රමී මලෙක්, මර්කරිගේ චරිතය නිරූපණය කරමින් හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනාගැනීමට සමත් විය.

I want to break free

I want to break free

I want to break free from your lies

You’re so self-satisfied I don’t need you

I’ve got to break free

God knows God knows I want to break free

I’ve fallen in love

I’ve fallen in love for the first time

And this time I know it’s for real

I’ve fallen in love, yeah

God knows, God knows I’ve fallen in love

It’s strange but it’s true, yeah

I can’t get over the way you love me like you do

But I have to be sure

When I walk out that door

Oh, how I want to be free, baby

Oh, how I want to be free

Oh, how I want to break free

But life still goes on

I can’t get used to living without, living without

Living without you by my side

I don’t want to live alone, hey

God knows, got to make it on my own

So baby can’t you see

I’ve got to break free

I’ve got to break free

I want to break free, yeah

I want, I want, I want, I want to break free



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි