×

පලස්තීන ජිහාඩ්වාදීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලයෙන් රොකට් ප්‍රහාර!

මෙම ප්‍රහාරය තුළින් පලස්තීන ජිහාඩ් කල්ලි අණදෙන නිලධාරී බහා අබු අල්-අටා නැමැත්තාව ඝාතනයට ලක්ව තිබේ.


ඊශ්‍රායල ආරක්ෂක අංශ (Israeli Defence Forces: IDF) ගාසා තීරයේ පලස්තීන ජිහාඩ්වාදී ඉස්ලාම් (Palestinian Islamic Jihad: PIJ) කණ්ඩායම් ගණනාවක් ඉලක්ක කොට ගනිමින් ප්‍රහාර මාලාවක් දියත් කොට තිබේ.

ඊශ්‍රායල ආරක්ෂක අංශ මාධ්‍ය ඒකකය විසින් අද (13) දින නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ. 

ප්‍රහාරයට ලක්වූ ඉලක්ක අතර ජිහාඩ්වාදීන් ගේ භූගත ප්‍රක්ෂේපක, ප්‍රභූ ප්‍රහාර සැලසුම් ඒකක, භූගත ත්‍රස්ත යටිතල පහසුකම් හා සන්නද්ධ ක්‍රියාකාරකම් සඳහා පරිහරණය කළ කාමර ඇතුලත් වන බවට එම නිවේදනයේ දැක්වේ.

මීට අමතරව මෙකී ප්‍රහාර තුළින් පලස්තීන ජිහාඩ්වාදී ත්‍රස්ත කල්ලි සාමාජිකයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ජෙරුසලම් පෝසට් පුවත් සේවය වාර්තා කරයි. 

මේ වන විට ඊශ්‍රායල ආරක්ෂක අංශ ගාසා තීරය හා ඒ අවට පලස්තීන ජිහාඩ්වාදී කණ්ඩායම් වලට එරෙහිව දිගින් දිගටම බුද්ධි තොරතුරු එක්රැස් කරමින් පවතී. ඊයේ (12) දින අළුයම ඊශ්‍රායල ගුවන් භටයින් විසින් දියත් කළ ප්‍රහාරයකින් පලස්තීන ජිහාඩ්වාදී කණ්ඩායම් අණදෙන නිලධාරියකු වන බහා අබු අල්-අටා නැමැත්තාව ඝාතනය කිරීමට සමත් වූ බවද ජෙරුසලම් පෝස්ට් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර සිටියි. 

මේ වන විට ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් එකී ජිහාඩ් ත්‍රස්ත කල්ලි වෙත රොකට් ප්‍රහාර 220 කට අධික සංඛ්‍යාවක් එල්ල කොට ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි