×

අනාගත ගුවන් යානය මේ වගේ!

එදා මෙදා තුර ඉතිහාසයේ ගුවනින් යනු කැමති සෑම දෙනාම පාහේ කැමැත්තක් දැක්වූයේ ගුවන් යානයේ කවුළුවක් අසල අසුනක් ලැබෙනවාටයි.


ඒ, කවුළුවෙන්, ගමන අවසන් වන තෙක් විවිධ අවස්ථාවලදී ගොඩබිමදී දැකිය නොහැකි තරම් සමීපව වලාකුළු දකින්නටත් උඩු ගුවනේ ආශ්චර්යය දකින්නටත්ය. කවුළුවක් අසල අසුනක් වෙනුවෙන් සටන් කළ ගුවන් ගමන් ඉතිහාසය වෙනස් කරමින් සියල්ලන්ටම අහසේ අසිරිය දැකගත හැකි වන අයුරින් කවුළු නොමැති ගුවන් යානා හඳුන්වා දෙන්නට හැකි අයුරින් නවතම සොයා ගැනීමක් බ්‍රිතාන්‍යයේ තාක්ෂණ හා පර්යේෂණ ආයතනය සමත් වී ඇත.

ගුවන් ගමන්වල අනාගතය වෙනස් විදියකින් ලියන්නට සූදානමින් සිටින මෙම බ්‍රිතාන්‍ය තාක්ෂණ හා පර්යේෂණ ආයතනය සැලසුම් කර ඇති පරිදි අනාගත සියලු ගුවන් යානා සැබවින්ම කවුළු නොමැති ගුවන් යානා වනු ඇත.

ඒ වෙනුවට සමස්ත ගුවන් යානයම OLD Touch screen භාවිතයෙන් අතත්‍ය දසුනක් නිර්මාණය වනු ඇත. වෙනත් වචනවලින් කියනවා නම්, අනිවාර්යයෙන්ම ගුවන් යානයේ ගමන් කරන මගීන් සියල්ලන්ටම කවුළුවක් ළඟ අසුනක් හිමිවනු ඇත.

සාමාන්‍ය ගුවන් යානයක ඇතුළත දසුන| Engadget

සාමාන්‍ය ගුවන් යානයක ඇතුළත දසුන| Engadget

තව වසර 10 කින් ගුවන් යානනයක ඇතුළත දසුන

තව වසර 10 කින් ගුවන් යානනයක ඇතුළත දසුන

බ්‍රිතාන්‍ය තාක්ෂණ හා පර්යේෂණ ආයතනය පවසන පරිදි මේ සියලු වෙනස්කම් තව වසර 10ත් 15ත් අතර කාලය තුළ සැබෑ වෙන සිහින වනු ඇත. ගුවන් යානය සමපූර්ණයෙන්ම සැදුම් ලත් මෙම Touch screen ගුවන් යානයෙන් පිටත අවට සියල්ල සජීවීව පටිගත වන ගුවන් යානයේ පිටත සවිකළ කැමරා සමග සම්බන්ධ කරනු ඇත. එමගින් ගුවන් යානය අහසේ පියාසර කරන විට අවට සියල්ල ඉතා පැහැදිලිව සජීවීව දැක ගන්නට ගුවන් මගියාට හැකි වේ. අතත්‍ය කවුළු මගින් අවට අහස දකින විට ඔබට එය දරා ගත නොහැකි නම් නැවතත් විනෝදාත්මක අංග සහිත අත්දැකීමක් ලබා දෙනු ඇත.

OLD Touch screen එකක් මගින් සිදු වන්නේ කාබනික ආලෝක ඩයෝඩයක් ලෙස ක්‍රියාත්මක වීමයි. මෙම ක්‍රමය විද්‍යාත්මක ක්‍රමයක් ලෙස දකින්නට හැකි වුවත් මෙම තාක්ෂණය අද වන විට රූපවාහානී,ජංගම දුරකථන, පරිගණක මොනිටරයන් තුළ භාවිත වේ. සැබවින්ම මෙය විශාල රූපවාහිනී තිරයක්ය. ගුවන් යානයේ සියලු පෘෂ්ඨමෙම තිරයන්ගෙන් නිර්මාණය වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි