×

ඊශ්‍රායලට එරෙහිව යුද අපරාධ සම්බන්ධයෙන් සක්‍රීය පරීක්ෂණ පවත්වන බව ICC කියයි

සටහන – සශිකලා මධුෂාණී ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල විසින් ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ සිදු කරන ලද බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව ජාත්‍යන්තර අපරාධ අධිකරණ ප්‍රකාශ කර තිබේ. ළමයින්ට, කාන්තාවන්ට සහ පිරිමින්ට, සිවිල් ජනතාවට ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ ආරක්ෂා වීමට ඇති අයිතිය වද හිංසාවන්ට ලක් නොවී සිටීමට ඇති අයිතිය වෙනුවෙන් […]


සටහන – සශිකලා මධුෂාණී

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල විසින් ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ සිදු කරන ලද බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව ජාත්‍යන්තර අපරාධ අධිකරණ ප්‍රකාශ කර තිබේ.

ළමයින්ට, කාන්තාවන්ට සහ පිරිමින්ට, සිවිල් ජනතාවට ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ ආරක්ෂා වීමට ඇති අයිතිය වද හිංසාවන්ට ලක් නොවී සිටීමට ඇති අයිතිය වෙනුවෙන් මෙම පරීක්ෂණය පැවැත්වේ.

2019 වසරේ සිට සෑම වසරකම ලොව පුරා ගැටුම්වලින් මිය ගිය ළමුන් සංඛ්‍යාවට වඩා පසුගිය සති තුන තුළ ගාසා තීරයේ මිය ගිය ළමුන් සංඛ්‍යාව වැඩි බව Save the Children රාජ්‍ය නොවන කණ්ඩායම ප්‍රකාශකර ඇති අතර මේ වන විට ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 8,000 ඉක්මවා ඇති අතර තුවාල ලැබූවන් ගණන දස දහස් ගණනක් විය හැකි බවයි පලස්තීනයේ සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන්නේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි