×

ජපානයේ හා දකුණු කොරියාවේ උෂ්ණත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළට

අධික උෂ්ණත්වය හේතුවෙන් වැඩිහිටි ප්‍රජාව විශාල අවදාම් තත්වයකට ලක්ව ඇති අතර අත්‍යාවශ්‍ය දෙයකට හැර එළිමහනේ ඇවිදීම නෙකරන ලෙස බලධාරීන් මෙන්ම සෞඛ්‍ය අංශයන්ද අනතුරු අඟවා තිබේ.


පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් පසුගිය සතියේ දකුණු කොරියාවේ පුද්ගලයන් 12 දෙනෙකු ද ජපානයේ තාපය ආඝාතය වීම හේතුවෙන් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

දකුණු කොරියාවේ මරණ සම්බන්ධයෙන් දකුණු කොරියාවේ Yonhap ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ සති අන්තයේ මියගිය අයගෙන් අවම වශයෙන් පස් දෙනෙකු ගොවීන් වන අතර අවම වශයෙන් 7 දෙනෙකු 70 ට වැඩි අය වන බවයි. මේ වන විට දකුණු කොරියාවේ බොහෝ ප්‍රදේශයන්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ඉක්මවා යාම හේතුවෙන් හදිසි අනතුරු ඇඟවීම් නිවේදන ද නිකුත්කර තිබේ.

ජපානයේ ද මේවන විට සෙල්සියස් අංශක 36ක් ඉක්මවන ලද උෂ්ණත්වයක් වාර්තා වේ. පසුගිය සතියේ 13 හැවිරිදි දැරියක් පදික වේදිකාවක් මත තාපය ආඝාතය වීම හේතුවෙන් සිහිසුන්ව සිටියදී සොයාගෙන තිබූ අතර වායුසමීකරණ යන්ත්‍රයක් අඩපන වීම හේතුවෙන් වැඩිහිටියන් දෙදෙනෙකුද මියගොස් තිබේ.

ජපාන ටයිම්ස් විසින් වාර්තා කරන ලද සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් ප්‍රකාශ කර තිබුණේ, අධික උෂ්ණත්වය හේතුවෙන් මියගිය අය අතර බහුතරය වයස අවුරුදු 65 සම්පූර්ණ කළ අය බවයි. ඒ අනුව අධික උෂ්ණත්වය හේතුවෙන් වැඩිහිටි ප්‍රජාව විශාල අවදාම් තත්වයකට ලක්ව ඇති අතර අත්‍යාවශ්‍ය දෙයකට හැර එළිමහනේ ඇවිදීම නෙකරන ලෙස බලධාරීන් මෙන්ම සෞඛ්‍ය අංශයන්ද අනතුරු අඟවා තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි