×

අති සුන්දර සැන්ටෝරිනී

මේ තිබෙන්නේ ග්‍රීසියේ අති සුන්දර සැන්ටෝරිනී දූපත.


නීල කැටයක් මෙන් දිස්වන්නේ මධ්‍යධරණී  මුහුද බව ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ.  මෙහි ඉදිකර තිබෙන ගොඩනැගිලිවල බිත්ති සුදු පැහැයෙන් වර්ණ ගන්වා තිබෙනවා. තද නිල්, කහ වැනි දීප්තිමත් වර්ණයන් සමග ඒවා මුසු වෙනවා.

නෞකා සවාරියකින් යනවා නම් ලෝකයේ අත් නොහැරම බැලිය යුතු තැනක් වන්නේ ග්‍රීසියේ සැන්ටොරිනී දූපතයි. මේ දූපතේ සිට, හිරු නැගෙන හැටි බසින හැටි අති මනරම් විදිහට දිස් වෙනවා.

සැන්ටොරිනී දූපත කඳුහෙල්වලින් බහුලයි. පියගැටපෙළ ඒවායේ තනා තිබෙන්නේ සංචාරකයන්ගේ පහසුව පිණිස. මේ දූපත සංචාරක පාරාදීසයක් කියා කිව්වොත් නිවැරදියි.

මෝටර් රථ වගේ බාහිර ලෝකයේ කිසිම සුඛෝපභෝගී ප්‍රවාහන ක්‍රමයක් මේ දූපතට අදාල නැහැ. එකම ක්‍රමය, බූරුවන් පිට නැගී යාමයි. නමුත් දැන් අලුත් නීතියක් නිසා, බර කිලෝ 100ට වැඩි සංචාරකයන්ට බූරුවන් පිටේ යන්නට අවසර නැහැ. එයට හේතුව, මේ තරබාරු සංචාරකයන් නිසා, මේ සතුන් විඩාවට සහ ලෙඩ දුක්වලට ගොදුරු වීම.

සම්පූර්ණ ලිපිය-

‘වැඩකරන බූරුවන් රැකගැනීමට ජනතාව පෙළ ගැසෙති.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි