×

භූමියට හිමිකම් කියන නව සිතියමක් හේතුවෙන් ඉන්දියාව හා චීනය අතර නොසන්සුන්තා

චීනය විසින් අඳින ලද නව සිතියමෙහි ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය සහ අක්සායි චින් සානුව නිල චීන භූමි ප්‍රදේශයක් ලෙස පෙන්වයි.


චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත්පත විසින් විසින් පසුගියදා නිකුත් කරන ලද නව සිතියමක් හේතුවෙන් ඉන්දියාවේ හා චීනයේ හොද හිත පලුදුවී ඇති බව වාර්තා වේ.

චීනය විසින් අඳින ලද නව සිතියමෙහි ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය සහ අක්සායි චින් සානුව නිල චීන භූමි ප්‍රදේශයක් ලෙස පෙන්වීමත් සමඟ නව දිල්ලිය මේ සම්බන්දයෙන් සිය විරෝධතාවය ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක අරින්දම් බග්චි ඊයේ (29)දිනයේදී මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ, ඊසානදිග අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය හා ටිබෙටය බටහිර චීනයට සම්බන්ධ කරන ඉහළ උන්නතාංශ උපාය මාර්ගික කොරිඩෝවක් වන අක්සායි චින් ඉන්දියාවට අයත් බවත්, චීනයේ මායිම් පිලිබඳ ප්‍රශ්නය සංකීර්ණ බවත්, මෙලෙස දේශ සිමා නිකුත් කිරීම කිසිදු පදනමක් නොමැති බැවින් මෙම සිතියම ප්‍රතික්ෂේප කරන බවයි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි