×

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාව බී ළූණු අපනයනය අත්හිටුවයි, ලෝක වෙළදපළේ බී ළූණු මිල ඉහළ යයි!

නියමිත අවම මිලට අඩුවෙන් ශ්‍රි ලංකාව සහ බංග්ලාදේශය යන රටවලට සිදු කළ බීළූණු අපනයනය ඉතා ඉක්මණින් නවතා දමන ලෙස එරට රජය අපනයන කරුවන්ට අවධාරණය කරයි.


බොම්බයි ළූණු හේවත් බී ළූණු අපනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත.
පැවතුණ අයහපත් කාල ගුණය හේතුවෙන් එරට බී ළූණු තොග සීමිත වීම නිසා බී ළූණු මිල දේශීය වශයෙන් පාලනය කළ නොහැකි මට්ටමක් දක්වා ඉහළ යෑම මීට හේතුවයි.

මේ වන එරට වාණ්ජ හා කර්මාන්ත අමාත්‍යංශය විසින් බී ළූණූ අපනයනය සම්පූර්ණයෙන්ම නවතා ඇති අතර නැවත දැනුම් දෙන තෙක් කිසිම පෞද්ගලික හා රජයේ ආයතනයකට එයට ඉඩ නොලැබේ.

රට තුළ ළූණු සැපයුම හා මිල ස්ථාවර කිරීම මෙහි මූලික පියවරක් වී ඇත.

එරට පාරිභෝගික කටයුතු , ආහාර බෙදාහාරීමේ අමාත්‍යාංශය දැන්වීමක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ විශේෂයෙන්ම අවම අපනයන මිලට අඩුවෙන් ශ්‍රි ලංකාව සහ බංග්ලාදේශය යන රටවලට සිදු කළ බීළූණු අපනයනය ඉතා ඉක්මණින් නවතා දමන ලෙසයි. රජයේ මෙම තීරණයට පටහැනිව ක්‍රියාකරන අපනයන කරුවන්ට දඩුවවම් ලැබිය හැකි වරදක් බව රජය පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි