×

Covid 19 – ගෙවුණු පැය 24ට ඉන්දියාවේ ආසාදිතයින් 5000 ඉක්මවයි

මෙය මෙතෙක් දිනක් තුළ ඉන්දියාවේ ආසාදිතයින් වැඩියෙන්ම වාර්තා වීම ලෙසද දැක්වෙයි.


ගෙවුණු පැය 24ක කාලය තුළ ඉන්දියාවේ කොරෝනා වෛරසය ආසාදනය වූවන් 5000 ඉක්මවා තිබේ. 5,242 ක් ලෙසයි එය දැක්වෙන්නේ. මෙය මෙතෙක් දිනක් තුළ ඉන්දියාවේ ආසාදිතයින් වැඩියෙන්ම වාර්තා වීම ලෙසද දැක්වෙයි.

මේ වන විට රට පුරා සමස්ත ආසාදිතයින් ගණන 96,169 ක් ලෙස දැක්වෙන අතර 3,029 මරණ වාර්තා වී තිබේ.

වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී තිබෙන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වන තර එය 33,053ක් ලෙසයි දැක්වෙන්නේ. එම ප්‍රාන්තයේ කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා 1,198 ක් මිය ගොස් ඇත.

මේ වන විට එරට පරීක්ෂණ වැඩිකර තිබෙන අතර දැනට මිලියන 2.3 පමණ පිරිසක් කොරෝනා පරික්ෂාවට බඳුන් කර තිබෙන බවද සඳහන්.

එමෙන්ම මෙම මස අවසානය දක්වාම රට වසා තැබීමටද ඉන්දීය රජය ඊයේ (17) තීරණය කර තිබුණි.

LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි