ඔත්තු බැලීමේ චෝදනාව මත කටාර් රාජ්‍යය විසින් ඉන්දීය නාවික හමුදාවේ හිටපු සෙබළුන් අට දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර ඇති බව ඉන්දීය රජය ප්‍රකාශ කර තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ මෙම තීන්දුවෙන් තමන් දැඩි කම්පනයට පත් වූ බවත් මේ සම්බන්ධයෙන් කටාර් බලධාරීන් සමඟ සාකච්ජා කරන බවත්ය.
මේ සම්බන්ධයෙන් ඉන්දියානු හිටපු සෙබළුන්ගේ ව්‍යාපාරයේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සත්බීර් සිං ප්‍රකාශ කර තිබුණේ, මෙම මිනිසුන් කටාර් නාවික භටයින් පුහුණු කිරීමට ගිය අතර දැන් ඔවුන් ඔත්තු බැලීමේ චෝදනාවට ලක්ව ඇති බවයි. මෙම අට දෙනා පසුගිය වසරේ සිර භාරයට ගෙන ඇති අතර ඔවුන් රඳවා තබා ගත් දා සිට ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයින්ට ලිපි ලියමින් සිටි බව සිං පවසා ඇති අතර අට දෙනාගෙන් හත් දෙනෙක් අණ දෙන නිලධාරීන් වූ අතර එක් අයෙකු නාවිකයෙකු වන අතර ඔවුන් විවිධ සෞඛ්‍ය ගැටළු වලින් පෙළෙන බවත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන රජය පිළිබද අතිශය කනස්සල්ලට පත්ව ඇති බවත් සත්බීර් සිං ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ දත්ත වලට අනුව, ඉන්දියානුවන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කටාර්හි සේවය කරමින් මිලියන 2 කට වඩා වැඩි ශක්තිමත් විදේශ විනිමය රටට සපයයි.
සශිකලා මධුෂාණි