×

ඉන්දියාවේ චතිස්ගාර් සහ මිසෝරාම් හි ප්‍රාන්ත සභා මැතිවරණය අද!

සටහන – රෂිකා හෙන්නායක. ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (7) ඉන්දියාවේ චතිස්ගාර් සහ මිසෝරාම් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ ආරම්භ වන බව එරට මාධ්‍ය වාර්තා කරයි. චතිස්ගාර් යනු මධ්‍යම ඉන්දියාවේ ප්‍රාන්තයකි. චතිස්ගාර් ප්‍රාන්තයේ ජනගහනය මිලියන 30 කි. චතිස්ගාර් ප්‍රන්තයේ බලයේ සිටින්නේ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයයි. චතිස්ගාර් ප්‍රාන්ත සභාව ආසන 90 කින් සමන්විතය. කොංග්‍රස් පක්ෂය […]


සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (7) ඉන්දියාවේ චතිස්ගාර් සහ මිසෝරාම් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ ආරම්භ වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

චතිස්ගාර් යනු මධ්‍යම ඉන්දියාවේ ප්‍රාන්තයකි. චතිස්ගාර් ප්‍රාන්තයේ ජනගහනය මිලියන 30 කි. චතිස්ගාර් ප්‍රන්තයේ බලයේ සිටින්නේ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයයි. චතිස්ගාර් ප්‍රාන්ත සභාව ආසන 90 කින් සමන්විතය.

කොංග්‍රස් පක්ෂය මෙම මැතිවරණය ද ජය ගනිමින්, දිගටම බලයේ රැඳී සිටීමට උත්සාහ දරයි. චතිස්ගාර් මහ ඇමැති ලෙස කටයුතු කරන්නේ භුපේෂා භාගෙල් ය. මෙවර මැතිණරණයේ දී භාගෙල් ට අභියෝගයක් එල්ල වී ඇත්තේ භාරතීය ජනතා පක්ෂ අපේක්ෂක නාරායන් චන්දෙල්ගෙනි.

අද (7) සිට ලබන 17 වැනිදා තෙක් චතිස්ගාර් මැතිවරණය අදියර දෙකක් යටතේ පැවැත්වෙනු ඇත. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ බියක් පවතින බැවින්, මැතිවරණ කටයුතු පැවැත්වෙන්නේ විශේෂ ආරක්ෂාවක් යටතේය. චතිස්ගාර් මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කෙරුණු ඇත්තේ දෙසැම්බර් 3 වැනිදාය.

මිසෝරාම් ප්‍රාන්තය ඉන්දියාවේ වයඹ දෙසින් පිහිටා ඇති ප්‍රාන්තයක් වන අතර, ජනගහනය මිලියන 1.116 කි.

මිසෝරාම් ප්‍රාන්තයේ බලයේ සිටින්නේ ‘මිසෝරාම් ජාතික පෙරමුණ’ පක්ෂයයි.

මිසෝරාම් ප්‍රාන්ත සභාව ආසන 40 කින් සමන්විත වෙයි.

කොංග්‍රස් පක්ෂය මෙන්ම අග්‍රාමාත්‍ය මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ද මැතිවරණයට තනි තනිව ඉදිරිපත් වන බවයි වාර්තා වන්නේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි