×

මෝදිගේ බලය අභිබවා කොරෝනා බලය පතුරුවයි

ඉන්දියාවේ වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය පවසන්නේ පරීක්ෂණ 6,807,226 සිදුකර තිබෙන අතර ඉන් 190,730 සිදු කර ඇත්තේ ගෙවුණු පැය 24ක කාලය තුළ බවයි.


කොවිඩ් 19 ආසාදිතයින් 15413ක් හඳුනා ගැනීමත සමඟ අද (21) දවස වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 400,000 ඉක්මවා තිබේ.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි අඛණ්ඩව සිව් වෙනි දිනටත් වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත.

ගෙවුණු පැය 24ක කාලය 306 ක් වාර්තා වී ඇති බව සඳහන්.

මේ වන විට රට තුළ සමස්ත ආසාදිතයින් 410,461 වාර්තා වී ඇති අතර මරණ 13,254ක් සිදුව තිබේ.

ඉන්දියාවේ වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය පවසන්නේ පරීක්ෂණ 6,807,226 සිදුකර තිබෙන අතර ඉන් 190,730 සිදු කර ඇත්තේ ගෙවුණු පැය 24ක කාලය තුළ බවයි.

ASK – LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි