×

හිටපු ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් 8 දෙනෙකුට මරණ දඩුවම !

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): දෝහා හි සමාගමක සේවයේ නිරතව සිටි හිටපු ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් 8 දෙනෙකුට මරණ දඩුවම නියම කර ඇත. ඒ ඔත්තු බැලීමේ චෝදනාවක් සම්බන්ධයෙනි. දෝහා හි ප්‍රාදේශීය අධිකරණයක් විසින් එම දඩුවම නියම කර ඇති බවත්, ඉන්දීය රජය අදාළ තීන්දුව සම්බන්ධයෙන් සිය සංවේගය මෙන්ම කනස්සල්ල පළ කර ඇති බවත්, එම දඩුවම […]


සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දෝහා හි සමාගමක සේවයේ නිරතව සිටි හිටපු ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් 8 දෙනෙකුට මරණ දඩුවම නියම කර ඇත. ඒ ඔත්තු බැලීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.

දෝහා හි ප්‍රාදේශීය අධිකරණයක් විසින් එම දඩුවම නියම කර ඇති බවත්, ඉන්දීය රජය අදාළ තීන්දුව සම්බන්ධයෙන් සිය සංවේගය මෙන්ම කනස්සල්ල පළ කර ඇති බවත්, එම දඩුවම ඉවත් කර ගැනීමට අවශ්‍ය විකල්ප ක්‍රමවේදයන් පිළිබඳව ද අවධානය යොමු කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මරණ දඩුවම නියම වූ ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් 8 දෙනා 2022 අගෝස්තු මාසයේ සිට කටාර් බලධාරීන් භාරයේ සිට ඇති බවද සඳහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි