×

ඉන්දියාවේ කොටස් වෙළඳපොල වාර්තාගත ඉහලම මට්ටමට ළඟා වේ

ඉන්දියාව මේ වන විට එක්සත් ජනපදය, චීනය සහ ජපානය යන රටවලට පමණක් පිටුපසින් සිටියි.


ඉන්දියාවේ කොටස් වෙලඳපොල මේ වන විට වාර්තාගත ඉහල මට්ටම් කරා ළඟා වෙමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව, නොවැම්බර් මස අගවන විට ඉන්දියාවේ හුවමාරු වූ ලැයිස්තුගත සමාගම්ව වටිනාකම ඩොලර් ට්‍රිලියන 4 ඉක්මවා ඇත.

ලෝක විනිමය සම්මේලනයේ දත්ත වලට අනුව, දෛනික ගනුදෙනුවල අගයන්ට අනුව ඉන්දියාවේ ජාතික කොටස් හුවමාරුව (NSE) දැන් හත්වන විශාලතම කොටස් හිමිකරු ලෙස හොංකොං ස්ථානයට පත්ව ඇති අතර ඉන්දියාව මේ වන විට එක්සත් ජනපදය, චීනය සහ ජපානය යන රටවලට පමණක් පිටුපසින් සිටියි.

චීනයේ ෂැංහයි සංයුක්තය මේ වසරේ 7% කින් පහත වැටී ඇති අතර හොංකොං හි Hang Seng දර්ශකය 19% කින් පමණ පහත වැටී ඇත. විශාල සමාගම් 30 ක් නිරීක්ෂණය කරන ඉන්දියාවේ මිණුම් ලකුණ වන සෙන්සෙක්ස් දර්ශකය මේ වසරේ 16% ට වඩා ඉහළ ගොස් ඇති අතර පුළුල් Nifty 50 දර්ශකය එම කාලය තුළ 17% ඉක්මවා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වසරේ ඉන්දියාව 6.3% කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන නමුත් සමහර ආර්ථික විද්‍යාඥයින් පවසන්නේ ව්‍යාප්තිය 7% ට ආසන්න විය හැකි බවයි.

ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය සැප්තැම්බර් 30 දක්වා කාර්තුවේදී 7.6% කින් වර්ධනය වූ අතර එය රටේ මහ බැංකුව විසින් ඇස්තමේන්තු කර ඇති ප්‍රමාණයට වඩා වේගවත් වර්ධනයක් වන අතර මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ, මේ වන විට ගෝලීය ප්‍රජාවන් උපායමාර්ගික සහ මූල්‍ය යන දෙඅංශයෙන්ම ඉන්දියාව කෙරේ උනන්දුවෙන් පසුවන බවයි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි