×

කළු කුහරය අධ්‍යයනය සඳහා ඉන්දියාව XpoSat මෙහෙයුම දියත් කරයි

නාසා ආයතනයෙන් අනතුරුව දියත් වූ ලෝකයේ මෙවැනි ආකාරයේ දෙවන මෙහෙයුම මෙයයි.


කළු කුහරය වැනි තාරකා විද්‍යාත්මක වස්තූන් අධ්‍යයනය කිරීමට ඉන්දියාව නිරීක්ෂණාගාරයක් රැගත් රොකට්ටුවක් සාර්ථකව අභ්‍යවකාශගත කර ඇති බව වාර්තා වේ.

වසරේ පළමුවන දිනයේ එනම් ඊයේ(01) දිනයේදී ශ්‍රීහරිකෝටා අභ්‍යවකාශ තොටුපළෙන් දියත් කරන ලද XpoSat, 2021 වසරේදී නාසා ආයතනයෙන් අනතුරුව දියත් වූ ලෝකයේ මෙවැනි ආකාරයේ දෙවන මෙහෙයුම මෙයයි.

කළු කුහරය යනු විශ්වයේ තවත් ගුප්ත අවකාශයක් වන අතර ඇතැම් විශාල තාරකාවල පුපුරන සුලු අභාවයෙන් මෙන්ම අසාමාන්‍ය ගුරුත්ව බලයක් එහි වේ. කළු කුහරයේ ඇති තාරකාවල පුපුරන සුලු අභාවයෙන්හි විශාලත්වයන් අපගේ සූර්යයාගේ ස්කන්ධය මෙන් බිලියන ගුණයකින් වැඩි බව විශ්වාස කෙරේ. ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ඉස්රෝ) සභාපති එස් සෝමනාත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, විද්‍යාඥයින්ට ඔවුන්ගේ කළු කුහර පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමට උපකාර කිරීමට අවශ්‍ය බවයි.

X-ray Polarimeter Satellite (XPoSat) – කළු කුහර පිළිබඳ ගැඹුරු පර්යේෂණ සිදු කිරීමට අපේක්ෂිත අතර රුපියල් මිලියන 250ක (ඩොලර් මිලියන 30ක්; පවුම් මිලියන 23.5ක්) වියදමින් ඉදිකරන ලද XPoSat චන්ද්‍රිකාවේ ආයු කාලය වසර පහක් ලෙස ගණන් බලා තිබේ.

XpoSat යනු මෙම වසරේ සිදු කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති කිහිපයකින් එකක් පමණක් වන බවයි, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි