×

අඟුළු ලිහිල් කිරීම මධ්‍යයේ ඉන්දියාව ඉතාලිය අභිබවා යයි

පසුගිය පැය 24 තුළ ඉන්දියාවට කොවිඩ් -19 රෝගීන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ඒ අනුව එරට වාර්තා වූ මුළු රෝගී අගය ඉතාලියෙන් වාර්තා වූ අගයට සමාන වේ.


පසුගිය පැය 24 තුළ ඉන්දියාවට කොවිඩ් -19 රෝගීන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ඒ අනුව එරට වාර්තා වූ මුළු රෝගී අගය ඉතාලියෙන් වාර්තා වූ අගයට සමාන වේ.

මේ වන විට ලොව තහවුරු වී ඇති රෝගීන් සංඛ්‍යාව අනුව ඉන්දියාව හයවන ස්ථානයේ සිටින අතර වාර්තා වු මුළු රෝගීන් ගණන 236,657 කි. මරණ 6,649 ක් සිදුව තිබේ. මුම්බායි හි සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙමින් පවතින අතර අගනුවර වන දිල්ලියේ රෝහල් වල රෝගීන් ට නේවාසිකව ප්‍රතිකාර ලබාගත නොහැකි වන තරම් රෝගීන් වාර්තා වී ඇති බව වාර්තා වේ.

මේ අතර, සාප්පු මධ්‍යස්ථාන, පූජනීය ස්ථාන, අවන්හල් සහ කාර්යාල සඳුදා සිට නැවත විවෘත කිරීමට අවසර දී ඇත.

සති ගනනාවක් තිස්සේ ඉන්දියාවේ සාපේක්ෂව අඩු කොවිඩ් -19 ආසාදිත රෝගීන් වාර්තා වීම හේතුවෙන් විශේෂඥයින් පුදුමයට පත්ව ඇත. එයට හේතුවනම් ජනගහනය, රෝග ව්‍යාප්ත වූ සහ අරමුදල් රහිත රජයේ රෝහල් තිබියදීත්, ආසාදන හෝ මාරාන්තික ලෙස වෛරසය ව්‍යාප්ත නොවීමයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව, ඉන්දියාවේ රෝගීන් සංඛ්‍යාව අතින් ඉන්දියාව සිටින්නේ හයවන ස්ථානයේ වුවද, මරණ සංඛ්‍යාව අතින් සිටින්නේ දොළොස්වන ස්ථානයේය. එහෙත් ඉහළ යන සිද්ධීන් ගණන පෙන්නුම් කරන්නේ රටහි ආසාදිතයන් වාර්තා වීම ප්‍රමාද වී ඇති බවයි.

වෛද්‍යවරුන් ගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට වෙහෙසෙන රෝගීන් ගැන කතා කිරීම සඳහා බොහෝ ඉන්දියානුවන් සමාජ මාධ්‍ය වෙත යොමු වී ඇති අතර සමහර රෝහල් පවසන්නේ පරීක්ෂණ කට්ටල පවා නොමැති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි