×

ඉන්දියාව සහ පාකිස්ථානය අතර සිරකරුවන් හුවමාරුවක්.

2008 වසරේ ඇති කරගත් ගිවිසුමකට අනුව මෙම නව වසර ආරම්භයක් සමග දෙරට අතර සාමය සඳහා පියවරක් ලෙස සිරකරුවන්ගේ ලැයිස්තු හුවමාරු කර ගැනීමක් සිදු විණ.


සාමය සඳහා වන නව පියවරයන් අපේක්ෂා කරමින් ඉන්දියාව සහ පාකිස්ථානය අතර සිරකරුවන් නිදහස් කර ගැන‍ීම සඳහා මූලික පියවරක් ලෙස සිර කරුවන්ගේ නම් ලැයිස්තු හුවමාරුවක් ඊයේ සිදු විය.

ඒ අනුව දෙරට විසින් රඳවා ගෙන සිටි සිර කරුවන්ගෙන් අදාළ දඩුවම් ලබා අවසන් සිර කරුවන්ගේ ලැයිස්තු මෙසේ හුවමාරු කර ගනු ලැබිණ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාං‍ශයට අනුව පාකිස්ථානයේ සිවිල් සිරකරුවන් 249ක් සමග ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝනය කළ පාකිස්ථාන ධීවරයන් 249 දෙනෙකු මෙතෙක් ඉන්දීය සිරකරුවන් ලෙස රඳවා තැබිණ. එමෙන්ම පාකිස්ථානය තුළද ඉන්දීය ජාතික සිවිල් සිරකරුවන් 54 දෙනෙක් සහ ධිවරයන් 483ක් රඳවාගෙන සිටී. 2008 වසරේ ඇති කරගත් ගිවිසුමකට අනුව මෙම නව වසර ආරම්භයක් සමග දෙරට අතර සාමය සඳහා පියවරක් ලෙස මෙසේ සිරකරුවන්ගේ ලැයිස්තු හුවමාරු කර ගැනීමක් සිදු විණ.

ඒ අනුව පාකිස්ථානයේ රඳවා සිටි සිරකරුවන් සියල්ලන් අතරින් සිවිල් සිර කරුවන් 17 දෙනෙක් සහ ධීවරයන් 369 දෙනෙකු නිශ්චිත ලෙසම ඉන්දීය ජාතිකයන් ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව ඔවුන්ව නිදහස් කරන ලෙස ඉන්දියාව පාකිස්ථානයෙන් ඉල්ලා සිටින ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි