×

මාසයක් ඇතුළත මරණ ලක්ෂයක් සමග ඉන්දියාවේ කෝවිඩ් මරණ ගණන ලක්ෂ 3 ඉක්මවයි!

කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් ඉන්දියාවේ සිදුවූ මරණ සංඛ්‍යාව අද දිනයේ ලක්ෂ 3 ඉක්මවා ගියේය.


විශේෂඥයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සත්‍ය මරණ සංඛ්‍යාව මෙයට ද වඩා අධික විය හැකි බවට යි.

ඉන්දියාවේ මේ වන විට සිටින කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 26 කි. මේ අනුව ආසාදිතයන් සංඛ්‍යාව අනුව ඉන්දියාව දෙවැනි වන්නේ ඇමරිකා එක්සත් ජනපදයට පමණි.

මරණ සංඛ්‍යාව අතින් ඉන්දියාව මේ වන විට ඇමරිකාවට සහ බ්‍රසීලයට පමණක් දෙවැනි වෙමින් 3 වැනි ස්ථානයේ සිටියි.

ඉන්දියාවේ අවසන් මරණ ලක්ෂය වාර්තා වී තිබෙන්නේ මාසයක් ඇතුළත වීම ද විශේෂත්වයකි. දින 26 ක් ඇතුළත මරණ 102,533 ක් වාර්තා විය.

තවද මෙම සමස්ත මරණ සංඛ්‍යාව වන ලක්ෂ 3 න් භාගයක්ම සිදුව තිබෙන්නේ අවසන් මාස 3 ඇතුළත වීම ද කැපී පෙනේ.

මෑතකදී ඉන්දියාවේ හටගත් අලුත්ම කෝවිඩ් රැල්ල හේතුවෙන් රටේ සුවසේවා පද්ධති සහමුලින්ම පාහේ අඩපණ වී තිබේ. ඔක්සිජන් හිඟකම පිළිබඳ ගැටළුව ද තවමත් පවතියි.

පහත දැක්වෙන්නේ ඉන්දියාවේ සිදුවන දෛනික මරණ සංඛ්‍යාව සහ දෛනිකව වාර්තා වන ආසාදන සංඛ්‍යාවයි.

මූලාශ්‍රය – John Hopkins University | BBC

ප්‍රධාන ඡායාරූපය – EPA



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි